IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


රවී ඇතුළු 10 කට වරෙන්තු

(නිමන්ති රණසිංහ)  

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් කෝටි 5200 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කරන ලදැයි සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු 10 දෙනකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගිය සිකුරාදා (6) පස්වරුවේ වරෙන්තු නිකුත් කළේය.  

මොවුන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් වරෙන්තු නිකුත් කර ඇත.  


අපරාධ නඩු විධාන සංග්‍රහයේ 138 වගන්තිය ප්‍රකාරව සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති සාක්ෂි මගින් නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු අනාවරණය වන බවට දැනුම් දෙමින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.   


මෙම සිද්ධියට අදාළව 10 වන සැකකරු ලෙස නම් කර සිටි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී බුද්ධික සරත්චන්ද්‍ර යන අය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවීම මත නඩු කටයුත්තක් ආරම්භ නොකිරීමත් සිතාසියක් හෝ වරෙන්තුවක් ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.   


ඉකුත් 2016 මාර්තු මස 29 දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසියේදී පොදු දේපළක් වූ රුපියල් බිලියන 36.98ක සහ 2016 මාර්තු මස 31 වන දින තුළ රුපියල් බිලියන 15ක මුහුණත වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර සාවද්‍ය පරිහරණය කිරීම, කුමන්ත්‍රණය කිරීමෙන් ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 113 (ආ), 102 සහ 386 වන වගන්තීන් සමඟ කියවිය යුතු 1982 අංක 12 දරන පොදු දේපළ පනතේ 5 (1) වගන්ති ප්‍රකාරව මෙම සැකකරුවන් වරදක් සිදුකර ඇති බවට චෝදනා නගා තිබිණි.   


එසේම 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහිලා සිදුකරන වැරදි පනතේ 5 (1) වගන්ති ප්‍රකාරව මෙන්ම සංශෝධිත 1937 අංක 7 දරන ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනතෙහි 56 අ (අ) යන වගන්ති සමඟ කියවිය යුතු මහ බැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරුවන් විෂයෙහි ලා නිකුත් කරන ලද චර්යාධර්ම සංග්‍රහයෙහි දක්වා ඇති වැදගත් හෙළි නොකරන ලද තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් සහ වෙළෙඳපොළ මිල තම වාසිය සඳහා කෘත්‍රීමව ඉහළ දැමීමේ වැරැදි සිදුකර ඇතැයි ද සැකකරුවන් විෂයෙහි චෝදනා නගා තිබිණ. සැකකරුවන් දොළොස් දෙනාට එරෙහිව වෙන් වෙන්ව චෝදනා තුනක් නඟා ඇත. 

 



අදහස් (0)

රවී ඇතුළු 10 කට වරෙන්තු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 209 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 385 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site