IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රටවැසියන් එක්කෝටි තිස්ලක්ෂයකට මාස තුනකින් එන්නත් දෙනවා

 ජනපති ජාතිය අමතයි 

(අජන්ත කුමාර අගලකඩ)   

 ලබන සැප්තැම්බර් මාසය වනවිට ජනතාවගෙන් එක්කෝටි තිස්ලක්ෂයකට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පෙරේදා (25) රාත්‍රියේ ප්‍රකාශ කළේය.

වයස අවුරුදු 30ට වැඩි සියලු‍ දෙනාටම පාහේ ඒ වනවිට එන්නත් ලබා දී අවසන් කළ හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා කීවේය.   


 සමස්ත ජනගහණයෙන් ලක්ෂ 30කට එන්නත් ලබා දී අවසන් යැයි කී ජනාධිපතිවරයා අවශ්‍ය එන්නත් ප්‍රමාණය සෑම මසකම ලැබෙමින් පවතින බව ද සඳහන් කළේය.   


 ජනතාව තමා පත් කළේ රටේ අනාගතය පිළිබඳව විශාල බලාපොරොත්තු තබාගෙන යැයි කී ජනාධිපතිවරයා, කුමන අන්දමේ බරපතළ ප්‍රශ්න මැද්දේ වුව ද එම බලාපොරොත්තුව ඉටු කිරීමට තමා බැඳී සිටින බව ද කීවේය.


 රටට විශාල උවදුරක් බවට පත්වෙමින් තිබූ පාතාලය සාර්ථකව පාලනය කර ඇතැයි කී ජනාධිපතිවරයා, මත්ද්‍රව්‍ය උවදුර ද බොහෝ දුරට පාලනය කර ඇතැයි කීවේය. පාතාලය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවැසීය.   


 මේ අතර ඉදිරි මහ කන්නය සඳහා ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර සියල්ල ලබාදෙන බවට රජය සහතික වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

 



අදහස් (0)

රටවැසියන් එක්කෝටි තිස්ලක්ෂයකට මාස තුනකින් එන්නත් දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site