
(පුෂ්පා වීරසේකර)
ඉන්දියාව, චීනය හා ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල නිෂ්පාදිත දුම්රිය මැදිරි 160 ක් භාණ්ඩ ප්‍රවාහන කන්ටේනර් ගැල් 40, තෙල් ටැංකි 30ක්, එන්ජින් 22ක් හා බලවේග කට්ටල 14ක් වශයෙන් ඉදිරි කාලයේ මෙරටට ගෙන්වීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ අනුව වැඩිම දුම්රිය හා මැදිරි ප්‍රමාණයක් ගෙන්වනුයේ ඉන්දියාවෙනි. එයට මැදිරි 160 ක්, තෙල් ටැංකි 30ක් භාණ්ඩ ප්‍රවාහන ගැල් 20 හා එන්ජින් 09ක් ද ද්විත්ව බලවේග කට්ටල 05ක් ද අයත්ය.
චීනයෙන් බලවේග කට්ටල 09ක් හා භාණ්ඩ ප්‍රවාහන කන්ටේනර් ගැල් 20ක් ගෙන්වීමට නියමිතය. මෙම බලවේග කට්ටල උඩරට මාර්ගයටත්, කන්ටේනර් ගැල් ප්‍රීමා සමාගමට චීන වරායේ සිට සීදුව දක්වා භාණ්ඩ ෙතාග ප්‍රවාහනයටත් යෙදවීමට නියමිතය.
ඇමෙරිකාවේ නිපදවන ලද එන්ජින් 12ක් ගෙන්වීමට නියමිත අතර ඒවා ද උඩරට මාර්ගයට යෙදවීමට සැලසුම් කර තිබෙන බව ඩිලන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
මෙම දුම්රිය ලබන වසරේ දී ගෙන්වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd