(පුෂ්පා වීරසේකර)
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමේ සිට ඇය නැවත සේවයේ පිහිටුවීම දක්වා වූ සතියක කාලයේ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරින් සිදුකළ වැඩ වර්ජනය හේතුවෙන් රුපියල් බිලියන පහක් රජයට අහිමි වී ඇතැයි ඉරිදා ලංකාදීපයට වාර්තා වේ.
දිනකට කන්ටේනර් 1500ක් පමණ නිශ්කාශනය කළ යුතු වුවත් වර්ජනය පැවැති සමයේ දී දිනකට කන්ටේනර් 150ක් තරම් වන සුළු ප්‍රමාණයක් නිදහස් කර තිබේ.
මේ නිසා ඉක්මනින් නරක් වන ආහාර ද්‍රව්‍ය හා ශීතාගාර භාණ්ඩ හැර සෙසු දෑ වරායේ හා කන්ටේනර් පර්යන්තවල කන්ටේනර් 6000ක් පමණ ගොඩ ගැසී තිබුණි. වරායේ පමණක් කන්ටේනර් 2000ක් පමණ රඳවා තිබුණි.
මේ හේතුව නිසා විදෙස් රටවල නැව් සමාගම්වලට ඩොලර් 10,000 සිට 50,000 දක්වා වූ ප්‍රමාද ගාස්තු ගෙවීමට ද එම නැව්වලින් භාණ්ඩ ගෙන්වූ ව්‍යාපාරිකයන්ට සිදුව තිබේ. මේ සම්බන්ධව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ වර්ජනය පැවැති දිනවල රුපියල් බිලියන පහක පාඩුවක් සිදුව ඇති බවකි.
සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ලේකම් ගුණතිලක ජයකොඩි මහතා ප්‍රකාශ කළේ රජයට ඒසා පාඩුවක් සිදුවුවත් ව්‍යාපාරිකයන්ට හා සාමාන්‍ය ජනතාවටත්, ආනයනකරුවන්ට සිදුවූ පාඩුවත් නිශ්චිතව ගණනය කළ නොහැකි බවකි.
2025 දෙසැම්බර් මස 16
75
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රේගුවේ වර්ජනයෙන් බිලියන 5 ක පාඩුවක්