IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහින්ද-මෛත්‍රී සාකච්ඡාවක් 18 වැනිදා

(අජන්ත කුමාර අගලකඩ) 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිව තිබෙන මතබේදාත්මක කාරණා නිරාකරණය කරගැනීම සඳහා තීරණාත්මක සාකච්ඡාවක් එම පක්ෂ දෙකේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (18) ප.ව. 6.30ට කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ, එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ අධ්‍යාපන අැමැති ඩලස් අලහප්පෙරුම යන මහත්වරු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ සන්ධාන මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරු ද ඊට සහභාගි වෙති. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන එකඟතාවට බාධාවන අන්දමින් පොදුජන පෙරමුණේ ඇතැම් මැති ඇමැතිවරුන් විවිධ ප්‍රකාශ කරන බැවින් එය නිරාකරණය කරගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදෙන ලෙස ශ්‍රීලනිප මහලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබෙයි. 


එය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත අනිද්දා (18) සාකච්ඡාව කැඳවා ඇතැයි වාර්තා වෙයි. 


ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරග කිරීම ලකුණ සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය සහ පොදුජන පෙරමුණේ ඇතැම් මැති ඇමැතිවරුන් කරන ආන්දෝලනාත්මක ප්‍රකාශ ආදිය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවකට එහිදී පැමිණෙනු ඇතැයි වාර්තා වේ. 
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතර පැය දෙකක පමණ සාකච්ඡාවක් ඉකුත් අඟහරුවාදා පෙරවරුවේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී පැවැති බව ද වාර්තාවේ.  

 



අදහස් (0)

මහින්ද-මෛත්‍රී සාකච්ඡාවක් 18 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site