(දයාසීලි ලියනගේ)
ලබන මස 7 වැනි දින දක්වා කොවිඩ් - 19 රෝග තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවදානම් සහගත වාතාවරණයක් පවතින බැවින් රටේ ජනතාව තවදුරටත් ඒකරාශිවීම වැළැක්විය යුතු බවට සෞඛ්‍ය බලධාරීන් රජයට යෝජනා කර ඇත. මෙම අවදානම් සහගත බව දිනපතා කරනු ලබන නිරීක්ෂණයට අමතරව සති දෙකෙන් දෙකටද නිරීක්ෂණය කරනු ලබයි.
සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත දින ගණනාවක් එකදිගට මහජනයා රැස්වීමේ අවස්ථාව අත්හිටුවීමට සිදුවනු ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා කීය.
ඇඳිරි නීතිය කඩින් කඩ ලිහිල් කිරීම නිසා ජනතාව විශාල වශයෙන් රොක් වෙන බව පසුගිය දිනවල නිරීක්ෂණය වූ බැවින් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි විරෝධය දක්වා ඇති බවද ඔහු කීය.
මේ වෙනවිට හඳුනාගෙන ඇති රෝගීන් සියදෙනාගෙන් රෝගය බෝවූවන් සිටීනම් ඔවුන් හඳුනාගැනීම සිදුවන්නේ අප්‍රේල් 1 - 7 අතර සතිය තුළ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ලබන 7 වැනි දිනෙන් පසුවත් රෝගය පැතිරීම සම්බන්ධයෙන් ඇතිවෙන තත්ත්වය සලකා බලා තවදුරටත් ජනතාව ඒකරාශීවීම වැළැක්විය යුතු බවද සෞඛ්‍ය අංශ තරයේ පෙන්වාදී ඇත.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහජනයා එක්රැස්වීම දින ගණනාවක් සීමා කිරීමට යෝජනා