රජයට කෝටි 20ක පාඩුවක්
(සුජිත් හේවාජුලිගේ)
මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් 174 දෙනෙකු වැටුප් හා දීමනා වැඩිපුර ලබාගැනීමට කටයුතු කිරීම නිසා රජයට රුපියල් කෝටි 20කට වැඩි මුදලක් පාඩු සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විමර්ශනයක දී තොරතුරු අනාවරණය වී ඇත.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නියමයන්ට පටහැනිව ඉහළ වැටුප් කාණ්ඩ මත පිහිටුවා වැටුප් ගෙවීම නිසා මේ පාඩුව සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.
මෙලෙස වැටුප් හා දීමනා වැඩිපුර ගෙවා ඇතැයි පැවසෙන්නේ 2020 වර්ෂයේදීය.
මේ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ බඳවා ගැනීම් උසස්වීම් මාරු කිරීම් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කෙරුණු බඳවා ගැනීමේ පටිපාටිය එම කාලසීමාවේ දී යොදාගෙන නැතැයි විගණන නිලධාරීහු පවසති.
මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩලය 13,000ක් බවත් එම කාර්ය මණ්ඩලය දිවයින පුරා ව්‍යාප්ත වන පරිදි අනුමත කර ඇති බවත් ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාර්ග ලොක්කෝ 174ක් පඩිපතට වැඩිපුර බෙදාගෙන