IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මත්පැන් බෝතල් විසිකෝටි දොළොස් ලක්ෂයක් ඉකුත් වසරේ බීලා

දස කෝටියක්ම ‘කාලෙ බෝතල්’

(දයාසීලි ලියනගේ)  

මෙරට මත්පැන් පාවිච්චි කරනු ලබන පිරිස වැඩි වශයෙන් පාවිච්චි කර ඇත්තේ මිලි ලීටර් 180 ක (කාලෙ) බෝතල් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සම්මන්ත්‍රණයක දී අනාවරණය
වී ඇත.  

ගිය වසරේ මෙරට ජනතාව පාවිච්චි කර තිබෙන මුළු මත්පැන් බෝතල් ප්‍රමාණය විසිකෝටි දොළොස් ලක්ෂ විසිඑක්දහස් එකසිය අසූ එකකි.  (20,12,21,181) එයින් දසකෝටි පනස්පන් ලක්ෂ තිස්හත්දහස් එකසිය හැට නවයක (10,55‌,37,169) ප්‍රමාණය කාලෙ බෝතල් බව සඳහන් වේ.  


ගිය වසරේ මත්පැන් බෝතල් හාරකෝටි තිස්එක්ලක්ෂ පහළොස් දහස් නවසිය විස්සක භාගයේ බෝතල් (4,31,15,920) ක ප්‍රමාණයක් ද සම්පූර්ණ මි.ලී. 750 බෝතල් පන්කෝටි විසිපන් ලක්ෂ හැටඅටදහස් අනූදෙකක (5,25,68,092) ක ප්‍රමාණයක් ද පාවිච්චි කර ඇති බව වාර්තා වේ.  


මත්පැන් පාවිච්චි කරනු ලබන අයගෙන් සියයට 52 ක ප්‍රමාණයක් කාලේ බෝතල් පාවිච්චි කර ඇත.  


වර්ෂ 2017 සමග සැසඳීමේදී 2018 වර්ෂයේ මත්පැන් පාවිච්චිය යම් අඩුවීමක් පෙන්නුම් කරන බව ද එම සම්මන්ත්‍රණයේ දී අනාවරණය වී ඇත.  


ගෝලීය වශයෙන් සැසඳීමේ දී මෙරට සියයට 85 ක ප්‍රමාණයක් සැර ස්ප්‍රීතු පාවිච්චි කරනු ලබන අතර නේපාලයේ එම ප්‍රමාණය සියයට 46 ක් ද ඕස්ට්‍රේලියාවේ සියයට 12 ක් ද වී ඇත.  

 



අදහස් (0)

මත්පැන් බෝතල් විසිකෝටි දොළොස් ලක්ෂයක් ඉකුත් වසරේ බීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site