IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


භාණ්ඩාගාරයෙන් කෝටි දහදාහක පොල්ලක්

(අජන්ත කුමාර අගලකඩ)  

විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අමාත්‍යාංශ හා ආයතන කිහිපයකට ගෙවිය යුතුව ඇති රුපියල් කෝටි 10,000කට ආසන්න මුදලක් මහා භාණ්ඩාගාරයෙන් මෙතෙක් ගෙවා නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ද ඇමැතිවරුන් ගණනාවක් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර 
ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවැසේ.  

ඖෂධ ගෙන්වීම වෙනුවෙන් රුපියල් කෝටි 900ක පමණ මුදලක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයවිය යුතුව ඇති බව රාජිත සෙනාරත්න ඇමැතිවරයාත්, විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 1350ක පමණ මුදලක් තම අමාත්‍යාංශයට අයවිය යුතුව ඇති බව චම්පික රණවක ඇමැතිවරයාත් එහිදී ප්‍රකාශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මීට අමතරව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයට ද ඉතා විශාල මුදලක් මහභාණ්ඩාගාරයෙන් අයවිය යුතුව ඇති බව පැවැසේ.  


රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශ මෙම මුදල් ලබාගැනීම සඳහා භාණ්ඩාගාරයට බිල්පත් ඉදිරිපත් කර මාස තුන හතරක්ම ගතවී ඇති බව ඇමැතිවරුන් කැබිනට් රැස්වීමේදී පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ.  ඇමැතිවරුන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේ දී අදහස් දක්වා ඇති මුදල් රාජ්‍ය ඇමැතිවරයා අතුරු සම්මත ගිණුම යටතේ වෙන්වූ මුදල්වලින් අත්‍යවශ්‍ය කටයුතු කරන බැවින්, මෙම හිඟ බිල්පත් ගෙවීම ලබන මැයි මාසයෙන් පසුව කරන්නට බලාපොරොත්තු වන බව සඳහන් කර ඇතැයි වාර්තා වේ.  


මේ අතර බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අදහස් දක්වමින් තම අමාත්‍යාංශයට වෙන්වී ඇත්තේ රුපියල් මිලියන 500ක පමණ මුදලක් බවත්, කලින් සිටි ඇමැතිවරයා ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවලට ගෙවීමට ඇති මුදල් ගෙවූ පසුව ඉන් ඉතිරිවන්නේ මිලියන 7ක පමණ මුදලක් බවත්, ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ. 



අදහස් (0)

භාණ්ඩාගාරයෙන් කෝටි දහදාහක පොල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 329 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 207 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site