IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බඩුමිල වැඩියි අැමැතිවරු ජනපතිට කියති

(අජන්ත කුමාර අගලකඩ)  

වෙළෙඳ පොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ඇමැතිවරුන් කිහිප දෙනකුම පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදි ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.  

සහල්, පොල්, ​ ලොකු ලූනු, පරිප්පු, වියළි මිරිස්, අර්තාපල් ආදි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල මෙසේ ඉහළ ගොස් ඇතැයි ඇමැතිවරු පෙන්වා දී ඇත.  


කොරෝනා වයිරසය හේතුවෙන් ගිය සතියේ කැබිනට් ‘රැස්වීමද ඔන්ලයින්’ තාක්ෂණය ඔස්සේ පැවැති අතර එහිදී ඇමැතිවරුන් මේ බව ප්‍රකාශ කර ඇත.  


අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පාලන මිල ගණන් ගැසට් කර ඇතත් එම මිල ගණන්වලට ආහාර ද්‍රව්‍ය අලෙවි නොකරන බවද ඇමැතිවරුන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.  


ඊට පිළිතුරු දී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය ​ යොමුකර ඇති බවත් ජීවන වියදම් කමිටුවේ දී ඒ පිළිබඳව සාකච්ඡා කර කඩිනම් තීරණයක් ගන්නා බවත් සඳහන් කර ඇත.   

 



අදහස් (0)

බඩුමිල වැඩියි අැමැතිවරු ජනපතිට කියති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site