IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පළාත් සභා මුල් පුටු දිනාගන්න ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් ඡන්දෙට?

(නාලක සංජීව දහනායක)  
ඉදිරියේදී පැවැත්වීමට නියමිත සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ සඳහා අපේක්ෂකයන් තේරීම මේ වන විට ආරම්භ කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවැසීය.  

හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් වැඩි වශයෙන් තරුණ තරුණියන්ට අපේක්ෂත්වය ලබා දීමට තීරණය කර තිබෙන බවද එම ප්‍රකාශකයා පැවැසීය.  


 එමෙන්ම එම පළාත් සභාවල ප්‍රධාන අමාත්‍ය ධුර සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.  


 ඒ අනුව සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නම යෝජනා වී තිබේ. එමෙන්ම උතුරුමැද පළාත් සභාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන හා පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහත්වරුන්ගේ නම් යේජනා වී ඇත.  


 එමෙන්ම නැගෙනහිර පළාත් සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතාගේ නම මෙන්ම මේ වන විට රජය නියෝජනය කරන මුස්ලිම් අමාත්‍යවරයකුගේ නමද යෝජනා වී තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් සභා මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කළ සැණින්ම මෙම අමාත්‍යවරු තනතුරින් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට කැමැත්ත පළකර ඇතැයි ද වාර්තා වේ.  


 මීට අමතරව මහීපාල හේරත්, එස්.එම්. රංජිත් හා සබරගමු පළාත් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කංචන ජයරත්න මහත්වරුන්ගේ නම් ද ප්‍රධාන අමාත්‍යධුර සඳහා යෝජනා වී ඇතැයි ද වාර්තා වේ. මෙහිදී සබරගමු පළාත් සභාවට හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා නම් කිරීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතු වී ඇතැයි ද වාර්තා වේ.  


 කෙසේ වෙතත් අර්බුදයක් ඇති නොවන ආකාරයට පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය සම්බන්ධ ප්‍රශ්න විසඳා ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 

 



අදහස් (0)

පළාත් සභා මුල් පුටු දිනාගන්න ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් ඡන්දෙට?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site