(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් අතර දැනට කෙරෙන සාකච්ඡා අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂ දෙක එක් නොවී අපේක්ෂකයා සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්ෂ දෙක අතර තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය සතියේ අඟහරුවාදා විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති අතර එහිදීද මේ සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව පැවැසේ.
ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර පසුව පැවැත්වෙන මහ මැතිවරණයේදී පක්ෂ දෙක පොදු සන්ධානයකින් තරග කිරීමේ ඉඩකඩ ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගිවන දෙපාර්ශ්වයේ නියෝජිත කණ්ඩායමද මේ වනවිට වෙනස්කර ඇති අතර ශ්‍රීලනිපයෙන් මහින්ද අමරවීර දයාසිරි ජයසේකර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුද පොදුජන පෙරමුණෙන් බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම හා මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරුද ඊට සහභාගි වෙති.
ඒ අනුව ඉකුත් සතියේ පැවැති සාකච්ඡා සුබවාදී බවත් මැතිවරණයට තරග කරන ලකුණු සම්බන්ධයෙන් එකඟත්වයක් නොමැති බවත් එම ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොට්ටු-ශ්‍රීලනිප අවබෝධතා ගිවිසුමක්