(උපුල් වික්‍රමසිංහ)
මේ වසරේ පළමු පාසල් වාරය සඳහා පාසුගිය 11 වැනි දින සිට පාසල් විවෘත කළ ද කොවිඩ් 19 පාලනය පිණිස සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබෙන ක්‍රමවේද පවත්වා ගෙන යෑමට අවශ්‍ය පහසුකම් සැලසීමට මුදල් වෙන්කර නැති නිසා පාසල් බොහොමයක එම කටයුතු අඩාළ වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
විෂබීජානුහරණය සඳහා යොදා ගැනෙන විෂබීජනාශක ද්‍රව්‍ය හෝ සබන් හෝ මිල දී ගැනීමත් සිසුන් හා ගුරුවරුන් සඳහා මුව ආවරණ ලබා දීමත් මේ හේතුවෙන් අර්බුදයක් බවට පත්ව ඇති බව ද සඳහන්ය.
මේ වර්ෂය සඳහා වන පාසල් සංවර්ධන සමිතිවල අයවැය ඇස්තමේන්තු මෙතෙක් අනුමත කර නැති තත්ත්වයක ඒවායෙහි මුදල් මේ කටයුතු සඳහා යොදා ගැනීමට ද නොහැකි බව මේ සම්බන්ධව කළ විමසීමක දී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවැසීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ අදාළ සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පාසල්වලට මේ වෙන විටත් මුදල් ලබාදී ඇති බවත් ඊට අමතරව පාසල් සංවර්ධන සමිතිවල අරමුදල් ද ඒ වෙනුවෙන් යොදාගත හැකි බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd