IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පැරදුණු වැයශිර්ෂ දෙකට සල්ලි අතුරු සම්මත ගිණුමකින්

(අජන්ත කුමාර අගලකඩ)  

අය-වැය කාරක සභා අවස්ථාවේදී පරාජයට පත්වූ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙත්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙත් වැය ශිර්ෂ වෙනුවට එම අමාත්‍යාංශ දෙකට මුදල් වෙන් කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.  

අය-වැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන ලබන සිකුරාදාට (05) පෙර හෝ ඉන් පසුව එම පරිපූරක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය. අය-වැය කාරක සභා අවස්ථාවේදී යම් අමාත්‍යාංශයක වැය ශීර්ෂයක් පරාජයට පත්වුවහොත් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර මුදල් වෙන්කර ගැනීමට ස්ථාවර නියෝග අනුව හැකියාව තිබෙන බව හෙතෙම කීවේය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ පාලන සමයේත් ඊට උදාහරණ තිබෙන බව ඔහු සඳහන් කළේය.   


අතුරු සම්මත ගිණුම හරහා ලබන අප්‍රේල් 1 වැනිදා තෙක් අමාත්‍යාංශවලට මුදල් වෙන්කර ඇති බැවින් එම ආයතනවල කටයුතුවලට මෙමගින් බාධාවක් නොවන බව ද ඔහු කීවේය.  



අදහස් (0)

පැරදුණු වැයශිර්ෂ දෙකට සල්ලි අතුරු සම්මත ගිණුමකින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site