IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


නාමල්ගේ ලේකම්වරිය වසර දෙකකට පසු උසාවියට

‘මේ මහාධිකරණයයි. අධිකරණයේ කටයුතු සිදුකරන කාලය තුළ නිශ්ශබ්දව සිටිය යුතු බවට තරයේ අණ කරනු ලැබේ. එම අණ කඩ කිරීමේ විපාකය සිර දඬුවමක් බව දැනගත යුතුය’  


කොළඹ මහාධිකරණයේ ඝෝෂකගේ හඬ අධිකරණ ශාලාවේ බිත්ති අතර වැදී ගිගුම් දුන්නේය. ඒ හඬ මගේ දෙසවන් අතර තවමත් දෝංකාර දෙන්නේය.   


සියල්ලෝ බයෙන් භිරාන්තව සිටිති. 


‘අවුරුදු ගාණක් උසාවියට කට්ටි පැන්න කෙරුමෙක් අල්ලගෙනලු’ උසාවි කොරිඩෝවේ විශාල කුළුණුවලට මුවා වෙමින් එකා දෙන්නා ලොකු ලොකු කතා ඇද බාන්නේය. 


නඩුව ඉවර වෙනකම් ඇතුලේ තමයි. ළඟ සිටි කෙනා හූමිටි තැබුවේ යමක් කමක් දන්නා බව හඟවමිනි. 


ඒ අතරතුර අධිකරණයේ වෙනදා නොදකින ජැන්ඩියට හැඳපැළඳගත් නෝනාවරු මහත්වරු කොළඹ මහාධිකරණයේ එහා මෙහා සක්මනේ යෙදෙති. කොළඹ තරු හෝටලයක පැවැත්වෙන සාදයක සිරි ගන්වමිනි. ඒ අතරතුර හිටපු ජනපතිගේ පුත්‍රයාද එහි පැමිණියේය. 


කළු කබා හැඳි මහත්වරු උසාවි ශාලාව අරක්ගෙනය. ‘සමාවෙන්න’ කියමින් ඔවුන් අතරින් රිංගමින් මාත් අධිකරණ ශාලාවේ ඉදිරියටම ගියේ වෙන්නේ කුමක්ද කියා බැලීමටය. 


මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා විනිශ්චනාරූඪ වී සිටියේය. මුළු උසාවි ශාලාවම මීයට පිම්බාක් මෙනි. 


අධිකරණ භාෂා පරිවර්තකගේ හඬ අවදි වී ඇත. නඩු අංකය මෙන්ම එහි විත්තිකරුවන්ගේ නම් එකින් එක හඬ ගැසුවේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ විත්තිකාරියන් දෙදෙනෙකු විත්ති කූඩුවට ගොඩ වූහ. 


මෙතෙක් කලක් නාමල් රාජපක්ෂ මහතා සමඟ පවිත‍්‍රිකා සුජානි බෝගොල්ලාගම සහ ගුවන් සේවිකාවක් වු නිත්‍යා සේනානී සමරනායක මහත්මිය පමණක් ගොඩ වූ මෙම විත්ති කූඩුවට මෙතෙක් කලක් අධිකරණයට ඉදිරිපත් නොවී සැඟවී සිටින බවට අධිකරණයට සාක්කි ඉදිරිපත් වූ ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්‍ෂවරියක වන ඔරනෙල්ලා ඉරේෂා සිල්වා මහත්මියද මේ අවස්ථාවේදී විත්ති කූඩුවට ගොඩ වූවාය. 


රහස් පොලිස් නිලධාරීන් විසින් අධිකරණයට කැඳවාගෙන එනු ලැබූ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා මහත්මිය බන්ධනාගාර නිලධාරීන් විසින් විත්ති කූඩුවට නංවන ලදී. 


හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගත් බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට මෙන්ම සෙසු විත්තිකරුවන්ටද චෝදනා ඉදිරිපත් වී තිබිණි. 


වසර දෙකක පමණ කාලයක් ජාත්‍යන්තර වරෙන්තු මත සිටියදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කොට එවනු ලැබූ බව කියන ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්‍ෂවරියක වන ඔරනෙල්ලා ඉරේෂා සිල්වා මහත්මිය මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරිණි. 


මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස පස් දෙනෙකු නම් කොට සිටින අතර ඒ අතුරින් ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව මහතා හැර සෙසු විත්තිකරුවන් වන පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා, පවිත‍්‍රිකා සුජානි බෝගොල්ලාගම සහ ගුවන් සේවිකාවක් වූ නිත්‍යා සේනානී සමරනායක සහ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා මහත්මීන් අධිකරණයේ පෙනී සිටියහ. 


ඔරනෙල්ලා ඉරේෂා සිල්වා මහත්මිය මෙන්ම මෙම නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කොට සිටි ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව මහතාද මෙම නඩුව ආරම්භයේ සිටම අතුරුදන් වී සිටියහ. 


2013 ඔක්තෝබර් මස පළමුවැනිදාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගනුදෙනුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි. 


එලෙස හෙළි නොකරන ආකාරයකින් හා අයථා ලෙස උපයන ලද රුපියල් මිලියන 30ක මුදලකින් ‘‘හෙලෝ කෝප්’’ ආයතනය මිලදී ගෙන ඇති බවට ද නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණි. 


දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකින් අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත. 


වසර දෙකක පමණ කාලයක් ජාත්‍යන්තර වරෙන්තු මත සිටියදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කොට එවනු ලැබූ ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්‍ෂවරියක වන ඔරනෙල්ලා ඉරේෂා සිල්වා මහත්මිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායිකව 2015 දෙසැම්බර් මාසයේදී රැකියාවක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් ඇතැයි දැනුම් දුන්නේය. 


ඔරනෙල්ලා ඉරේෂා සිල්වා නමැති තම සේවාදායිකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී මෙම සිද්ධියට අදාළ පරීක්‍ෂණ ආරම්භ කොට ඇති බවත් ඇය සිය සේවා කාලය අවසන් කොට සිය සේවායෝජකයාගෙන් ගුවන් ගමන් බලපත‍්‍රය ලබාගෙන යළි ලංකාවට පැමිණෙද්දී කටුනායකදී අත්අඩංගුවට ගෙන ඇතැයි දැනුම් දුන් නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඕනෑම කොන්දේසියක් මත ඇයට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය. 


ඒ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ පද්මාල් වීරසිංහ මහතා අධිකරණය අමතමින් විත්තිකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මාර්ගයෙන් වරෙන්තු නිකුත් කොට තිබූ බව දැනුම් දුන්නේය. 


එසේ සිටියදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අංගුවට ගෙන ලංකාවට පිටුවහල් කරන ලදැයිද දැනුම් දුන් රජයේ නීතිඥ පද්මාල් වීරසිංහ මහතා කෙසේ නමුත් ඇයට ඇප නියම කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ කිසිදු විරුද්ධත්වයක් නැතැයිද දැනුම් දුන්නේය. 
ඇයට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා කිසිදු විරුද්ධත්වයක් නොමැති බව දැනුම් දීම යන කරුණ සැලකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකාරිය ඇප මත මුදාහැරීමට තීරණය කළේය. 


රුපියල් ලක්ෂ 05ක මුදල් හා රුපියල් ලක්ෂ 50ක් වටිනා ශරීර ඇප මත විත්තිකාරිය මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා ඇයට රටින් පිටවීම තහනම් කොට මසකට වරක් මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටීමට නියම කළ අතර ඇය, මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් සිව්දෙනාට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරි මස 16 වැනිදා සිට විභාග කිරීමටද තීරණය කළේය. 

 

සටහන - මනෝප‍්‍රිය ගුණසේකර



අදහස් (0)

නාමල්ගේ ලේකම්වරිය වසර දෙකකට පසු උසාවියට

ඔබේ අදහස් එවන්න

 

 

පුවත්

ඩිජිටල් හැදුනුම්පත දත්ත ඉන්දියානු සමාගමට යන්නේ නෑ ජීව දත්ත එකතු කරන්නේ පුද්ගලයන්ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙන් පමණයි සමාගම පත් කරන්නේ කමිටුවක නිර්දේශ මතයි. ඩිජිටල් ආර්ථික වැඩබල
2025 ජනවාරි මස 20 33 0

ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ඉන්දියානු සමාගමකින් ලබා ගත්ත ද එයින් මෙරට පුරවැසියන්ගේ දත්ත කිසි ලෙසකත් එම සමාගමට ලබා ගත නොහැකි


දත්ත ඉන්දියානු සමාගමට ගන්න පුළුවන් ආරක්ෂාවටත් තර්ජනයක් ජන අරගල ව්‍යාපාරය
2025 ජනවාරි මස 20 16 0

ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මුදලින් අධාර කරන්නේ එම ව්‍යාපෘතිය ඔස්සේ මෙරට පුරවැසියන්ගේ දත්ත ඔවුන්ට ලබා ගැනීම වෙනුවෙන


ඩොලර් බිලියන 3.7 ඉතිහාසයේ වැඩිම විදෙස් ආයෝජනය චීනයෙන්
2025 ජනවාරි මස 20 17 0

මෙරටට හිමි වූ විශාලතම සෘජු විදේශ ආයෝජනය වාර්තා කරමින් බලශක්ති අමාත්‍යාංශය, චීනයේ ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම සමග ගිවිසුම් ගතවී


නොසැලකිල්ලෙන් 298ක් යකඩ යකාට බිලි
2025 ජනවාරි මස 20 20 0

දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති නිසි පරිදි ස්ථාපනය නොකිරීම සහ නඩත්තු නොකිරීම හේතුවෙන් දිවයින පුරා විවිධ දුම්රිය අනතුරු 1501ක


වී ගබඩා කිරීමට ලක්ෂ දෙකකට වැඩි ගබඩා පහසුකම්
2025 ජනවාරි මස 20 23 0

මහ කන්නයේ මිලදී ගනු ලබන වී අස්වනු ගබඩා කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය සතුව ලක්ෂ දෙකකට වැඩි ධාරිතාවක් සහිත වී ගබඩා පවතින බවත්, සතොස සතුව පවතින හැට දහසක ධාරිත


සැම පුද්ගලයෙක්ම උපයන ආදායමට වඩා ණයයි මහාචාර්ය වසන්ත අතුකෝරල
2025 ජනවාරි මස 20 15 0

වසර 2021 සිට 2023 දක්වා ගත වූ අවුරුදු තුනක කාලයේදී ඒක පුද්ගල ණය ප්‍රමාණය, ඒක පුද්ගල ආදායම් මට්ටම ඉක්මවා ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 456 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 623 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 342 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site