(විශේෂ වාර්තාකරුවෙකු විසිනි)
සිංහල බෞද්ධ කාන්තාවන් වඳ භාවයට පත්කිරීමේ සැත්කම් කළ බවට සැකයට භාජනය වී සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ෂාෆි ෂිහාබ්දීන් මහතා එම චෝදනාවෙන් බේරා ගැනීම සඳහා ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෛද්‍යවරුන් පිරිසක් මැදිහත්ව සිටින බව ‘ඉරිදා ලංකාදීපයට’ වාර්තා වේ.
මෙසේ මැදිහත්ව සිටින වෛද්‍යවරුන්ගෙන් වැඩි පිරිසක් කුරුණෑගල ශික්ෂණ රෝහලේම සේවය කරන බව වාර්තා වන අතර මොවුන් සියලුම දෙනා සිංහල වෛද්‍යවරුන් වීම ද විශේෂත්වයකි.
කුරුණෑගල ශික්ෂණ රෝහලට දරු ප්‍රසුතිය සඳහා සිසේරියන් සැත්කම් සිදුකර ගැනීමට පැමිණි මවුවරුන්ගේ සිසේරියන් සැත්කම් විශාල සංඛ්‍යාවක් මෙම වෛද්‍යවරුන් විසින් සිදුනොකොට සැකයට භාජනය වී සිටින ෂාෆි සිහාබ්දීන් වෛද්‍යවරයාට පවරා ඇති බව ද මේ දිනවල සිසේරියන් සැත්කම් වලට ලක්වූ කාන්තාවන් විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඉදිරිපත් කරන පැමිණිලි වලින් සිසේරියන් සැත්කම් මඟහැර ගිය මෙම වෛද්‍යවරුන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. එම වෛද්‍යවරුන්ට පැවරුණු සිසේරියන් සැත්කම් ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට පවරා ඇත්තේ කුමන පදනමක් මතදැයි අනාවරණය වී නැති අතර කාන්තාවන්ගෙන් ලද පැමිණිලි පිළිබඳව සිදුකරන විමර්ශන වලදී ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරගත හැකිවනු ඇතැයි ද කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවන්ගෙන් ලැබී ඇති පැමිණිලි මාර්ගයෙන් වෛද්‍යවරුන් පිරිසක් විසින් කරන ලද මෙම නීතිවිරෝධි ක්‍රියාව පිළිබඳව අනාවරණය වීමෙන් පසුව බියට පත් එම වෛද්‍යවරුන් පිරිස් පරීක්ෂණ කටයුතුවලට බලපෑම් එල්ල කරමින් සිටින බව වාර්තා වේ.
COMMENTS
නාරිවේද වෛද්‍ය විශේෂඥයෝ තමයි සිසේරියන් සැත්කම් කලයුත්තේ නමුත් ඔවුන්ට රාජකාරි කටයුතු අධික නිසා ජේෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරීන්ට ශල්‍යකර්ම පුහුණු කොට ඔවුන්ගේ අධීක්ෂණය යටතේ සංකීර්ණ නොවන ශල්‍යකර්ම බාරදෙනු ලැබේ. ඇත්ත වශයෙන්ම මෙම ශල්‍යකර්ම සියල්ල කලයුත්තේ විශේෂඥ වෛද්‍යවරයාම නිසා ඔවුන් කලබලවී ඇත.
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කොට කරුණු කාරණා සොයා බලන්න.
ජීඕඑම්ඒ මොකද නිහඬ ....? කරන්නේ බොරුවක් නිසා පීචන් වෙන්න ලජ්ජාවටද ?
රුපියල් 5000 ගානේ දීලා 4000 ම පැමිණිලි කරනකන්ද ඉන්නේ ?
හැම දේම මුදල් වලට යට වෙලා. ..ලංකාවේ නිතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මෙය ජාත්‍යන්තර උසාවියක් මාර්ගයෙන් නිසි දඩුවම් ලබා දීම කල යුතුයි.... හැම දේටම පරීක්ෂණ කම්ටුවක් පත් කරනවා..පරීක්ෂණ කරනවා. නමුත් පගාවට හැම දේම යට ගහනවා. හැමදාම ඔය සෙල්ලම කරන්න දෙන්නේ කොහොමද?
මොකද පාදෙණිය දැන් නිහඬ.