(සුජිත් හේවාජුලිගේ)
රටේ ආර්ථිකයට දායක වන ප්‍රධාන ආයතන ලෙස සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරී පුරප්පාඩු දහසකට වැඩි සංඛ්‍යාවක් පිරවීම ප්‍රමාද වීම නිසා එම ආයතනවල කාර්යක්ෂමතාව බෙහෙවින් හීන වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
අංශ ගණනාවක විශේෂඥයන්ගේ පුරප්පාඩු රැසක්ද මෙතෙක් පුරවා නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
රජයේ ආදායමෙන් සියයට අනූවක්ම ලැබෙන්නේ මෙම ආයතන තුනෙන් බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මෙම පුරප්පාඩු වහාම පිරවීමට පියවර ගන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු කාර්ය සභා කිහිපයක් එම ආයතන ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.
මේ අතර බදු ගෙවන ව්‍යාපාරිකයන්ගේ අභියාචනා සලකා බැලීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අභියාචනා කමිටු තුනක් පත්කර ඇති බවත් බදු අය කිරීම ප්‍රමාදවීමට අභියාචනා කමිටු කිහිපයක් පැවතීම හේතුවී ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
640
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශීය ආදායම්, රේගු, සුරාබදු පුරප්පාඩු දහසක් පිරවීම අතරමග නැවතිලා