මිල වැඩි කිරීම ඛනිජතෙල් ඇමැතිවත් දැන සිට නෑ
(දයාසීලි ලියනගේ)
පෙට්‍රල් රුපියල් 8 කින් හා ඩීසල් රුපියල් 9 කින් වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රී ගත් තීරණය වහාම අත්හිටුවන ලෙසට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙරේදා (සිකුරාදා) උදෑසන නියෝග කළේය.
එ් අනුව පසුගිය සිකුරාදා උදය වරුවේ සිට පරණ මිලටම තෙල් අලෙවි කරන ලෙසට සියලු ඉන්ධන පිරවුම්හල්වලට නියම කර ඇත.
තෙල් මිල වැඩි කිරීම පිළිබඳව ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා පවා නොදැන සිටි බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd