
(දයාසීලි ලියනගේ)
රත්මලාන ගුවන් තොටුපොළෙන් ගුවන් යානයක් පැහැරගෙන කොල්ලුපිටියේ ඇෙමරිකා තානාපති කාර්යාලයට පහරදීම සඳහා අයි එස් සංවිධානය කුමන්ත්‍රණය කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස ඇෙමරිකානු ආරක්ෂක අංශ ශ්‍රී ලංකා බලධාරීන්ට අනතුරු අඟවා ඇතැයි වාර්තාවේ.
මේ නිසා ශ්‍රී ලංකාවේ වෙසෙන අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් පිළිබඳව වහාම සොයා බලා පියවර ගන්නා ලෙසටද දන්වා ඇතැයි වාර්තාවේ.
මේ තත්ත්වය නිසා ඇෙමරිකාවේ රාජ්‍ය බුද්ධි අංශ සිවිල් නිලධාරින් පිරිසක් දැනටමත් දිවයිනට පැමිණ සිටින බවද දැනගන්නට ඇත.
අනතුරුදායක තත්ත්වය පිළිබඳව ඇති තොරතුරු නිසා තානාපති කාර්යාල ජ්‍යෙෂ්ඨ නිලධාරින් වැඩි වේලාවක් තානාපති කාර්යාලයේ රැඳී නොසිටින බවටද තොරතුරු වාර්තාවේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකාවේ සංචාරය කළ අවස්ථාවේදීද එරට ආරක්ෂක අංශ මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබූ බවද දැන ගන්නට ඇත.
COMMENTS
දැන් සැපද ????????????
අපේ පාලකයන්ට ප්‍රහාරයක් එල්ල වෙනකම් ඕක ගානක් නෑ, ඩෙංගු හැදිලා මිනිස්සු කීදෙනක් මැරුණද. කෝ තාම කටින් බතල හිටවනවා මිසක් වැඩකට ඇති පිලියමක් නැනේ.
අනේ මොන බොරුද මෙහෙ සංහිදිය ආණ්ඩුවක් තියෙන්නේ
වෙන්නත් ඉඩ තියෙයි බොහෝ දුරට මොකද හැම රටකම මුස්ලිම් ප්‍රශ්නනේ
හොරු නොඅල්ලන බොරු කියන රජයකට ඕක ප්‍රශ්නයක්ද නේද
බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය තැබූ මේ ධර්ම ද්වීපයට කිසිම අනතුරක් නොවේ. එය සහතිකයි .
අපේ ශ්‍රී ලංකාව බුදුන් වහන්සේ වැඩම වූ දර්ම ද්වීපයට කිසිම අනතුරක් නොවේ. එය ඉතාම සහතිකයි. අනතුරු කිරීමට උත්සාහ ගන්න අයට ගිනි ජාලයක් මැවේවි. එතැනින්ම ඔවුන්ගේ අවසානය සිදු වේවි.