රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය
(දයාසීලි ලියනගේ)
කොළඹ නාගරික බල ප්‍රදේශයේ කොරෝනා මර්ධනය සඳහා කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වැඩ කටයුතු මීට වඩා කාර්යක්ෂම විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වාදී ඇත.
ප්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු, සම්බන්ධීකරණය තොරතුරු හුවමාරුව, අනෙකුත් අදාළ අංශ සමඟ සම්බන්ධතා පැවැත්වීම, විශ්ලේෂණය යන කරුණු පිළිබඳව මෙම ප්‍රාදේශීය කාර්යාලය මීට වඩා කාර්යක්ෂම විය යුතු බව අදාළ අංශවලට පෙන්වාදී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd