(අජන්ත කුමාර අගලකඩ)
මෙගාවොට් 350ක එල්.එන්.ජී. බලාගාරයක් කෙරවලපිටියෙ ඉදිකිරීමේ ටෙන්ඩරය චීන සමාගමකට දීම සම්බන්ධයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේ දී නැවත වරක් විරෝධය පළකර ඇතැයි වාර්තා වේ.
මෙම ටෙන්ඩරය අඩු මිල ගණන් ඉදිරිපත් කළ ලක්දනවි සමාගමට නොදී වැඩි මිල ගණන් ඉදිරිපත් කළ චීන සමාගමකට දීම අසාධාරණ බව ද ඇමැතිවරයා පෙන්වා දී ඇතැයි දැන ගන්නට තිබේ. මේ අතර විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා චම්පික රණවක ඇමැතිවරයාගේ අදහසට විරුද්ධව අදහස් පළකර ඇතැයි වාර්තාවේ.
මෙම ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීමේ තීන්දුව පිළිබඳව නැවත සලකා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වෙන ම කමිටුවක් ද පත් කරනු ලැබ ඇති අතර රවි කරුණානායක, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන ඇමැතිවරු ද අමාත්‍යාංශ ලේකම්වරු පිරිසක් ද ඊට ඇතුළත් ව සිටිති.
2025 දෙසැම්බර් මස 04
329
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
423
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
396
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෙරවලපිටිය චීන බලාගාරයට චම්පික යළිත් එරෙහි වෙයි