(අජන්ත කුමාර අගලකඩ)
බන්ධනාගාර තුළ ඇති කාර්යාල, ගබඩා සහ බෙහෙත් ගබඩා බන්ධනාගාර භූමියෙන් පිටත ස්ථාපිත කරන්නැයි මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව සිය අවසන් වාර්තාවෙන් රජයට නිර්දේශ කර ඇත.
මේ අතර බන්ධනාගාර පොලිසිය බුද්ධි අංශ වඩාත් සක්‍රීය කළ යුතු බවත් ඔවුන්ට නිසි ආකාරයේ අවි පුහුණුවක් සහ සුදුසු ගිනි අවි ලබා දීමටත් සී.සී.ටී.වී. කැමරා පද්ධති වහා සවි කිරීමට පියවර ගත යුතු බවත් කමිටුව නිර්දේශ කර තිබේ.
මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ හිටපු මහාධිකරණ විනිසරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව සිය අවසන් වාර්තාව අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතාට ඉකුත් දා බාර දී තිබූ අතර ඇමැතිවරයා එය පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ද ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
එම පංච පුද්ගල කමිටුව බන්ධනාගාර තදබදය වැළැක්වීම, රැඳවියන්ගේ සුබසාධනය සහ බන්ධනාගාර පරිපාලන යන ක්ෂේත්‍ර තුන යටතේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ නිර්දේශ මාලාවක් ද සිය අවසන් වාර්තාව මගින් ඉදිරිපත් කර තිබේ.
බන්ධනාගාරගතව සිටින, ඇප ලබා දී නැති සැකකරුවන් අතුරින් 6334 දෙනකු හෙරොයින් සහ ගංජා වැනි වැරදිවලට බන්ධනාගාර ගත වූවන් බවත් රක්ෂිත බන්ධනාගාර ගතවන පුද්ගලයන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වැරදි සඳහා බන්ධනාගාරගත වූවන් බවත් කමිටුව වාර්තාවෙන් පෙන්වා දී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.