IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


කාර්යාල සහ ​ෙබහෙත් ගබඩා බන්ධනාගාරයෙන් එළියට

(අජන්ත කුමාර අගලකඩ)   

බන්ධනාගාර තුළ ඇති කාර්යාල, ගබඩා සහ බෙහෙත් ගබඩා බන්ධනාගාර භූමියෙන් පිටත ස්ථාපිත කරන්නැයි මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව සිය අවසන් වාර්තාවෙන් රජයට නිර්දේශ කර ඇත.   


මේ අතර බන්ධනාගාර පොලිසිය බුද්ධි අංශ වඩාත් සක්‍රීය කළ යුතු බවත් ඔවුන්ට නිසි ආකාරයේ අවි පුහුණුවක් සහ සුදුසු ගිනි අවි ලබා දීමටත් සී.සී.ටී.වී. කැමරා පද්ධති වහා සවි කිරීමට පියවර ගත යුතු බවත් කමිටුව නිර්දේශ කර තිබේ. 

මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ හිටපු මහාධිකරණ විනිසරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව සිය අවසන් වාර්තාව අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතාට ඉකුත් දා බාර දී තිබූ අතර ඇමැතිවරයා එය පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ද ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.  


එම පංච පුද්ගල කමිටුව බන්ධනාගාර තදබදය වැළැක්වීම, රැඳවියන්ගේ සුබසාධනය සහ බන්ධනාගාර පරිපාලන යන ක්ෂේත්‍ර තුන යටතේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ නිර්දේශ මාලාවක් ද සිය අවසන් වාර්තාව මගින් ඉදිරිපත් කර තිබේ.  


බන්ධනාගාරගතව සිටින, ඇප ලබා දී නැති සැකකරුවන් අතුරින් 6334 දෙනකු හෙරොයින් සහ ගංජා වැනි වැරදිවලට බන්ධනාගාර ගත වූවන් බවත් රක්ෂිත බන්ධනාගාර ගතවන පුද්ගලයන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වැරදි සඳහා බන්ධනාගාරගත වූවන් බවත් කමිටුව වාර්තාවෙන් පෙන්වා දී ඇත.  

 



අදහස් (0)

කාර්යාල සහ ​ෙබහෙත් ගබඩා බන්ධනාගාරයෙන් එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site