IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


කුණු කන්දෙන් ගසාකෑ දේශපාලකයන්ගේ “කුණුකතා”

 

දේශපාලකයන්, නිලධාරීන් කසළ ප්‍රශ්නය විසඳීම සඳහා අවංකව කටයුතු කළේ නම් අද මේ විදියේ නස්පැත්තියක් ගැන මීතොටමුල්ලෙන් විලාප පිට විලාප නැගෙන්නේ නැත. දශකයකට අධික කාලයක් තිස්සේ මේ කුණු කන්දේ ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා මීතොටමුල්ල ප්‍රදේශවාසීහු අඛණ්ඩව අරගල කළහ. පැවති හා පවතින ආණ්ඩුවලින් ප්‍රතිචාර ලෙස ලැබුණේ එක්කෝ බොරු පොරොන්දුය. නැත්නම් මර්දනයයි. ඒ හැමදේම කරමින් මේ කුණු ප්‍රශ්නයට විසඳුම් ලබාදීම කල්යැවුවද මේ කුණු කන්ද හොඳ ධන ආකරයක් බවට පත් කරගත් පිරිසක්ද සිටියහ. ඒ ගොඬේද වැඩිහරියක් හිටියේ දේශපාලනඥයන් හා නිලධාරීන්ය.


මේ ආකාරයට කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද හොඳ ධන ආකරයක් කරගත් එක පිරිසක් වූයේ කොළඹ මහ නගර සභාවේ ඇතැම් ඉහළ දේශපාලනඥයන් හා නිලධාරීන් පිරිසකි. ඔවුන් ඒ සඳහා අවස්ථාව උදාකරගෙන තිබුණේ කුණු කසළ බැහැර කිරීම සඳහා පිරිනමන ටෙන්ඩරයෙනි. අප වෙත ලැබුණු තොරතුරුවලට අනුව එලෙස කුණු කසළ එකතු කිරීම සඳහා කොළඹ මහ නගර සභාව මගින් ඇස්තමේන්තුගත මුදලට වඩා වැඩි මුදලකට ටෙන්ඩරය ලබාදී ඇති අතර ටෙන්ඩරය ලබාගත් එම සමාගම්වලින් කොළඹ මහ නගර සභාවේ ඇතැම් ඉහළ දේශපාලනඥයන් හා නිලධාරීන් කීපදෙනකුට මුදල් ලැබී ඇත.


මීතොටමුල්ල කුණු කන්ද හොඳ ධන ආකරයක් කරගත් තවත් පිරිසක් වූයේ කොළොන්නාව නගර සභාවේ ලොකු පොඩි තනතුරු දරපු කීපදෙනෙකි. ප්‍රදේශවාසීන්ගෙන් කළ විමසීම්වලදී දැනගන්නට ලැබුණේ කොළොන්නාව නගර සභාවේ සිටි දේශපාලනඥයන් කීපදෙනකු එක්වී සමාගමක් ස්ථාපනය කර පෞද්ගලික ආයතනවල එක්රැස් වන කුණු මීතොටමුල්ල කුණු කන්දට ගෙන දැමීම මගින් යහමින් මුදල් හම්බකර ඇති බවය. අදාළ සමාගම මගින් පෞද්ගලික ආයතන සමග ගිවිසුම් ගතවී ඇති මේ දේශපාලනඥයන් සිය සමාගම යටතේ කුණු ලොරි රථ 16 ක් ලියාපදිංචි කර ඒවායෙන් එම ආයතනවල කුණු මීතොටමුල්ලට ප්‍රවාහනය කර ඇති අතර එලෙස කුණු ප්‍රවාහනය කළ එක් ලොරි රථයකින් මේ දේශපාලනඥයන් කපාගෙන ඇති මුදල රුපියල් හාරදහසකි. මෙම එක් කුණු ලොරියක් දිනකට ගමන්වාර දෙකක් මීතොටමුල්ලට කුණු ප්‍රවාහනය කර ඇති අතර ඒ අනුව මේ ජාවාරම පසුපස සිටි දේශපාලනඥයන්ගේ දිනක කුණු ආදායම රුපියල් එක් ලක්ෂ විසිඅට දහසක් පමණ වූ බව තතුදත් අය අපට කීහ. ප්‍රදේශවාසීන් එක්වී මේ ජාවාරම ගැනත් ඒ සඳහා යොදාගත් ලොරි රථවල අංක තහඩු ආදිය ගැන විස්තරත් පොලිසියට ලබාදී ඇති නමුත් ඒවා ගැන කිසිදු පරීක්ෂණයක් සිදුවී නැති බවද දැනගන්නට ලැබිණි.


කොළඹ මහ නගර සභාවේ මේ කසළ ටෙන්ඩර මගඩියට එරෙහිව 2014 වසරේදී එවකට කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු අංක ීක්‍ත්‍ඍ 159/15 යටතේ නඩුවක්ද පවරා තිබූ අතර ඒ මගින් එම මන්ත්‍රීවරයා පෙන්වාදී තිබුණේ අදාළ කසළ ටෙන්ඩරය කොළඹ මහ නගර සභාව මගින් ඇස්තමේන්තුගත මුදලට වඩා රුපියල් මිලියන දෙසීයක පමණ ලන්සු ඉදිරිපත් කළ සමාගම් දෙකකට ලබාදී ඇති බවත් ටෙන්ඩරය ලබාගත් එම සමාගම්වලින් මහ නගර සභාවේ ඇතැම් දේශපාලනඥයන් හා නිලධාරීන් මුදල් ලබාගෙන ඇති බවත්ය. කොළඹ මහ නගර සභාවේ මේ කසළ ටෙන්ඩර් මගඩිය පිළිබඳ තොරතුරු පත්තුවීමත් සමග ඊට අදාළ ලිපි ලේඛන රාශියක් මහ නගර සභාවේ ඉහළම නිලධාරිනියකගේ අනුදැනුම ඇතිව විනාශ කර දමා ඇති බවටද පසුව තොරතුරු වාර්තා විය.


කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්දේ ජයටම සිදුවූ තවත් ජාවාරමක් තිබිණි. එනම් කුණු කන්දට එක්රැස් වන බෝතල් එකතු කිරීමේ ජාවාරමයි. කොළොන්නාව ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ හෙංචයියන් විසින් සිදුකරනු ලැබූ මේ ජාවාරම මගින් දිනකට බෝතල් ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයක් එකතු කර ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන තැන් කීපයකට යවන බවත් ඒ හරහාද පෙර කී දේශපාලන නඩය යහමින් මුදල් උපයා ඇති බවත් දැනගන්නට ලැබිණි. මේ බෝතල් එකතු කිරීමේ ව්‍යාපාරය එම දේශපාලනඥයන්ගේ හෙංචයියන්ට පමණක් කැපවූවක් වූ අතර සාමාන්‍ය දුප්පතෙකුට ඒ සඳහා අවස්ථාවක් නොතිබූ බවද ඔවුහු කියා සිටියහ.


කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්දේ ප්‍රශ්නය විසඳීමට මැදිහත්වනවා වෙනුවට එමගින් අයථා ආකාරයට මුදල් හම්බ කිරීමට දේශපාලනඥයන් හා නිලධාරීන් කටයුතු කර ඇත්නම් අපට ඇසීමට සිදුවන්නේ මේ කුණු ප්‍රශ්නය විසඳිය යුත්තේ ජනතාවද කියාය.
මීතොටමුල්ල කුණු කන්ද නිසා ආදායම් උපයාගත් ප්‍රදේශවාසීහුද සිටියහ. විශේෂයෙන්ම දිනපතා කුණු කන්දට එක්රැස් වන කසළ ටොන් දහසකට වඩා වැඩි ප්‍රමාණය අතර තිබෙන යකඩ ආදී දේවල් එකතු කර ආදායම් ලැබීම සමහරු පුරුද්දක් ලෙස කරගෙන ගියහ.


කුණු කන්ද නිසා බැට කෑවේ ඒ ආශ්‍රිතව වාසය කළ ජනතාවයි. අතොරක් නැති ලෙඩ රෝගවලින් ඒ ජනතාව දුක්විඳි අතර ඒ නිසාම තිහකට ආසන්න පිරිසක් මියගොස් ඇති බවටද දැනගන්නට ලැබිණි. නොබෝදා සිදුවූ ව්‍යසනයත් සමග තවත් තිස්දෙදෙනකු මියගොස් ඇතැයි පැවසේ. කුණු කඳු නිසා මිනිසුන් මිය යන රටක අප ජීවත්වනවා යැයි කටක් ඇර කියන්නටද ලජ්ජය. මනුස්ස ප්‍රාණයක ඇති වටිනාකම පාලක පංතියට දැනී තිබුණේ නම් මීතොටමුල්ලේ මෙවැනි ව්‍යසන සිදුවන්නේ නැත. යූඇන්පී, ශ්‍රී ලංකා භේදයකින් තොරව හැම පක්ෂයක්ම මේ සඳහා වගකිව යුතුය. තාක්ෂණය මේ තරම් දියුණු වී ඇති ලෝකයක ඒ තාක්ෂණය පාවිච්චි කර මේ කසළ කළමනාකරණය නිසි පරිදි සිදුකළේ නම් අපට මෙවැනි ශෝකජනක පුවත් අසන්නට ලැබෙන්නේ නැත. සමහර ඇමතිවරුන්ටයි, මහ ඇමැතිවරුන්ටයි කුණු ප්‍රශ්න ගැන ප්‍රසිද්ධියේ අවලාද නගා ගැනීමට අවශ්‍ය වන්නේද නැත.

උපුල් වික්‍රමසිංහ



අදහස් (0)

කුණු කන්දෙන් ගසාකෑ දේශපාලකයන්ගේ “කුණුකතා”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1717 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site