(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සතිය තුළ පැවැත්වීමට නියමිතව ඇතැයි පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
එහිදී එක්සත් ජාතික පක්ෂයේ දැනට පුරප්පාඩුව පවතින ප්‍රධාන තනතුරු වන මහලේකම්, සභාපති, නියෝජ්‍ය මහලේකම් ඇතුළු තනතුරු රාශියක් සම්පූර්ණ කිරීමට ද නියමිතව ඇත.
එයට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී තීරණය කිරීමට නියමිතය.
මෙයට අමතරව එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ තරුණ, කාන්තා, වෘත්තිය සමිති, වෘත්තීයවේදීන්ගේ සංවිධාන සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධාන කිරීම ද කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් පසු ආරම්භ කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd