IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ඉන්ධන මිල අඩුවුණත් අඩු නොවන බස් ගාස්තුව

 වාරය එළඹෙන තෙක් බස්රථ පෝලිමේ   

 

 

 

අද මහජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන සේවයක් වී ඇත්තේ පෞද්ගලික බස්රථ සේවාවයි. දිවයින පුරා සෑම මංමාවතකම මගී ප්‍රවාහනය සඳහා පෞද්ගලික බස් යොදවා තිබේ. මීට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවුව ද අද ඇතැම් මාර්ගවල ලංගම බස්රථ ධාවනය නොවීමෙන් පෞද්ගලික බස්රථ සේවාව කැපී පෙනෙන සේවාවක් වී ඇත.   


 පෞද්ගලික බස් සේවාව අද ඒකාධිකාරියක් වී තිබේ. ඔවුහු තමන්ගේ විවිධ ඉල්ලීම් දිනා ගැනීමට මගීන් ඇපයට තබා බස් වර්ජනවල ද නිතර වෙති. මෙයින් අපහසුතාවට පත්වන මගීන්ට සහන සැලසීමට ලංගම බස් රථ යෙදවුවත් එය ඉල්ලුමට ප්‍රමාණවත් නොවේ.   


 දිනපතාම පෞද්ගලික බස් ව්‍යාපාරයට මගීන්ගෙන් එල්ල වන්නේ දොසක් මිස හොඳක් නොවේ. ඒ ඇතැම් බස් සේවකයන්ගේ ක්‍රියා කලාපයන් නිසාවෙනි. හැමද‌‌ාම බස් සේවකයන් සහ මගීන් අතර විවිධ අර්බුද සහ බහින්බස් වීම් දැකිය හැක. මගීන් ගෙන යා යුතු ප්‍රමාණයට වඩා මගීන් ප්‍රවාහනය කිරීමේදී ද මෙවන් හැලහැප්පීම් ඇති වේ.   
මේ දිනවල පෞද්ගලික බස් කර්මාන්තයට මගීන්ගෙන් එල්ල වන්නේ ඉන්ධන මිල වැඩිවීමේදී ක්ෂණිකව බස් ගාස්තු වැඩි කරන නමුත් ඉන්ධන මිල පහත හෙලීමේදී බස් ගාස්තු අඩු නොකරන බවටයි. මෙම චෝදනා පිළිබඳව ඇත්ත නැත්ත සොයා බැලීමට බස් සංගම් නි​ෙයා්ජිතයන් කිහිපදෙනෙකු සමඟ කතාබහ කළෙමු.   


 ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.   


බස්ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ ස්ථාවරයේම තමයි අපිත් ඉන්නේ. මේ බස්ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ පසුගිය මැයි මාසයේ. ඒ කියන්නේ වාර්ෂික සංශෝධනය. එතනදී ගණනය කිරීමට වඩා 12% ක ප්‍රමාණයක් වැඩි වුණා. අපි යෝජනා කළේ 10% ක් වැඩි විය යුතුයි කියලා. නමුත් 12% ක් ඒ අවස්ථාවේ වැඩි කළා. ඒකට මම දකින විදිහට ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා වක්‍රානුකූල බලපෑමක් කළා. එතකොට තිබුණ ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න අමාත්‍යවරයා එසේ කළා කියන එකයි මගේ නම් හැඟීම.   


 බස්ගාස්තු වැඩිකිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට මිල සූත්‍රයක් තිබෙනවා. ඊට එහා ගිහිල්ලා තමයි මේ දේ සිදුකළේ. එතකොට ඩීසල් වැඩි වුණාම නැවත වරක් 4% ක බස් ගාස්තුවක් දුන්නා එතකොට සඳහන් කළෙත් මෙය ජාතික ප්‍රතිපත්තියට අනුව දෙනවා කියලා. එතකොට ඉන්ධන මිල රුපියල් 7 කින් අඩුවුණු වෙලාවේ ජාතික ප්‍රතිපත්තියට අනුව බස්ගාස්තු 2% කින් අඩු කළා. සාමාන්‍යයෙන් බස් රථයේ කිලෝ මීටර ගණනට ඉන්ධන වියදම වන්නේ 1/3 යි. සාමාන්‍යයෙන් ඉන්ධන ගාස්තු 4% කින් අඩු හෝ වැඩි වෙන්න ඕනෑ බස්ගාස්තු අඩු කිරීමට හෝ වැඩි කිරීමට. ජාතික ප්‍රතිපත්තිය වෙන්නේ ඒකයි.   


 නමුත් පසුගිය මැයි මාසයේ ජාතික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. මම යෝජනා කළා මැයි මාසයේ සිට මේ දක්වා නැවත වරක් ජාතික ප්‍රතිපත්තියේ රාමුව සමාලෝචනය කරන්න. මැයි මාසයේ සිට මේ දක්වා පිරිවැයෙන් ගණනය කරන්න. මොකද වසරින් වසරට ඩීසල්වලින් විතරක් නොවෙයි පිරිවැයෙන් ගණනය කරන්නේ.   
 තවත් කරුණු 11 ක් තිබෙනවා. සේවක පඩිනඩි, ඒ වගේම ලිහිසි තෙල් සහ නඩත්තු වියදම්, සේවා වියදම්, දෛනික වියදම්, මාසික වියදම් වාර්ෂික වියදම්, වගේ දේවල් බස්රථයේ මිල ගණනය කරනවා නම් ඒවත් එක්ක තමයි මේ බස් කර්මාන්තය රඳ‌ා පවතින්නේ.   


ඒක අවුරුදු 15 ක් නොකඩවා කරගෙන ආවා. නමුත් පහුගිය මැයි මාසයේ මෙය කඩාකප්පල් වුණා. අන්න ඒ නිසයි මහජනතාව විමසන්නේ ඇයි බස් ගාස්තු අඩු කරන්නේ නැත්තේ ඇයි කියලා. අපි උපරිම උත්සාහ ගන්නේ බස් ගාස්තු අඩුකරලා ජනතාවට සහනයක් ලබා දෙන්න.   


 ආණ්ඩුවට අපි දිගින් දිගටම කිව්වා හරි ක්‍රමවේදයක් සකස් කරන්න කියලා. මොකද බස් හිමියට නොලැබෙන සල්ලි ලැබෙන ක්‍රමයක් සකස් කරන්න කියලා. මොකද බස්රථයකින් බස් හිමියට සම්පූර්ණ ලාබයම ලැබෙන්නේ නැහැ. උද‌ාහරණයක් හැටියට ගත්තොත් බස් රථයකින් දිනපතා ආදායම සේවක පඩි නඩි ඇරුණම ඉතිරි මුදල තමයි බස් හිමියට ලැබෙන්නේ.   


 දිනපතා ආද‌ායම වැඩි වුණා කියලා ඒ මුදල බස් හිමියට ලැබෙන්නේ නැහැ. ඕකට අපි නම් කියන්නේ ‘මාටියා’ ගහනවා කියලා. ඒක නිසා අපි රජයට යෝජනා කළා මේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා. සාමාන්‍යයෙන් 25% ක් පමණ බස් සේවකයන් ‘මාටියා’ ගහනවා. ඒක අපි මුල ඉඳලම කිව්වා රඳ‌ා පවත්වා ගන්න ක්‍රමවේදයක් හදන්න කියලා. ආණ්ඩුව ඒ දේවල් කළේ නැහැ. දැන් වසර ගණනාවක ඉඳලා තමයි අපි කිව්වේ මේ දේවල් කරන්න කියලා. ඒකත් පසුගිය දවස්වල සිදුවුණු දේශපාලන අර්බුදයත් සමඟ යට ගියා.   


 එවැනි වැඩපිළිවෙළක් ‘මිලේනියම් චැනල් කෝපරේෂන්’ කියන ආයතනය මගින් ක්‍රියාත්මක කළා. ඔවුන් මේ පිළිබඳ වසර 2 ක් සමික්ෂණය කරලා ක්‍රමවේදයක් සකස් කළා. ඒ ක්‍රමවේදය අනුව සල්ලි හුවමාරු වෙන්නේ නැහැ. කාඩ් පතින් තමයි බස් රථයේ අවසර පත්‍ර නිකුත් කරන්නේ. එතැනදී සම්පූර්ණ මුදල බස් හිමියාට ලැබෙනවා. එතකොට සේවකයන්ට හොරෙන් මුදල් ගන්න හැකියාවක් නැහැ. මේ ක්‍රමවේදයට නිසි ප්‍රතිචාරයක් නැති නිසා ඒ සමාගම පිටත්ව ගියා. එතකොට බස් සමාගම්වල අවසන් විසඳුමක් බිඳ වැටුණා. ඔය වගේ ක්‍රමවේදයක් සෘජුවම බස් හිමියාට ලැබෙනව නම් අපට කිසිම පැකිළීමක් නැතිව බස් ගාස්තු අඩු කරන්න පුළුවන්.   


 කොච්චර බස් ගාස්තු වැඩි කළත් ඒකේ ප්‍ර​ෙයා්ජනය ගන්නේ සේවකයෝ. අඩු කළාම අපෙන් අඩු කරලා සේවකයා ඔහුගේ වැටු ඒ ආකාරයටම පවත්වා ගෙන යනවා. මේ නිසා බස් කර්මාන්තය දැඩි අර්බුදයකයි මේ වන විට පවතින්නේ. අපි වසර ගණනාවක ඉඳලා ඉල්ලා සිටියේ මේ පිළිබඳ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා. අන්තිම ක්‍රමවේදය සකසන්න තිබුණා නමුත් ඇතිවූ දේශපාලන අර්බුද නිසා ‘මිලේනියම් චැනල් කෝපරේෂන්’ කියන සමාගම ඉවත් වුණා.   


 ඔවුන් මූලික ගෙවීම් පවා කළා. ව්‍යාපෘති වාර්තාවලට. මේ දෙසැම්බර් මාසයේ තමයි ගිවිසුම් අත්සන් කරන්න තිබුනේ. ඒක බස් හිමියන්ටයි, බස් කර්මාන්තයටයි, මගී ජනතාවට සිදුවූ විශාල පාඩුවක්. ඒ ක්‍රමවේදය අනුව අපට අඩුකරන්න තිබුණා. මොකද ට්‍රැවල් කාර්ඩ්’ එකනේ එතකොට පාවිච්චි කරන්නේ. ඒ සහනය ජනතාවට දෙන්න තිබුණා. හේතුව එතකොට බස් සේවකයා මුදල් ගනුදෙනු කරන්නේ නැහැ.   


 ඉන්ධන මිල පහත ලැබීමේ වාසිය අනිවාර්යයෙන්ම ජනතාවට දිය යුතු බව මේ පිළිබඳ අප කළ විමසීමකදී සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.   
එහි ලේකම් අංජන ප්‍රියංජිත් මහතා අදහස් දක්වමින්.   


 අනිවාර්යයෙන්ම ඉන්ධන මිල අඩු කළ විට ඒ සහනය ජනතාවට දෙන්න ඕනෑ. ඒත් ඒක දෙනකොට බස්ගාස්තු පිළිබඳ ප්‍රතිපත්තියට අනුව ඒ ගණන් නිර්මාණය කළ යුතුයි. ඒ කියන්නේ වෙළෙඳපොළේ වටිනාකම්, සේවා ගාස්තු, ටයර් ටියුබ් වල මිල ගණන්, ඒවා ගණනය කරන්න ඕනේ. ඒ සඳහා සුළු කාලයක් යනවා.   


 දැන් ලබන 21 වනදා වන විට අපි බස් ගාස්තු අඩු කරන්න තීරණය කළා. ඒත් අඩු කරන ප්‍රතිශතය කොපමණද කියලා ගණන්, හිලව් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කරන්න ඕනෑ. දැනටමත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඒ ගණන් හදමින් පවතිනවා. ලබන 21 වනද‌ා පැවැත්වෙන රැස්වීමේදී ඒ ගණන් ඉදිරිපත් කරලා එදා සිට බස් ගාස්තු අඩු කරනවා.   


 බස් ගාස්තු අඩුකිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. ඒක 2002 වසරේ ආරම්භ කළේ. ඒ අනුව බස් ගාස්තු 16 වතාවක් වැඩි වුණා. 4 වතාවක් වගේ තමයි අඩු වුණේ. ඒ අනුව තමයි පසුගියද‌ා 2% කින් බස් ගාස්තු අඩුවුණේ. වර්ෂයකට වරක් පමණයි බස්ගාස්තු සංශෝධනය කළ හැක්කේ. අපේ පළමු පිරිවැය ඩීසල්. අපේ වියදම් 12 ක් තිබෙනවා. ඒ වියදම් 12 අනුව තමයි බස් ගාස්තු නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ සියලු කාරණා සලකා බලලා තමයි බස්ගාස්තු සකස් කරලා තිබෙන්නේ.   


 ඉන්ධන මිල සංශෝධනය වීමේදී බස් ගාස්තු සංශෝධනයක් කඩිනමින් සිදුකළ යුතු බව මගී ජනතාව පවසති. ඩීසල් මිල වැඩි වූ විගස බස් ගාස්තු ඉහළ දැමුව ද ඩීසල් මිල පහත දැමු වාසිය පමා කරන්නේ මන්ද යන්න පිළිබඳ ඔවුහු බස් සංගම් නියෝජිතයන්ගෙන් ප්‍රශ්න කරති. ඔවුන්ගේ අදහස් මෙසේය.   

 


කැලණියේ තිලකරත්න මහතා-   


ඉන්ධන මිල වැඩි වුණා කියන කොටම අපෙන් බස් ගාස්තු වැඩියෙන් ගන්නවා. අඩුවුණා කිවුවහම කවුරුත් ඒ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. දැන් මේ ගැන කතා කරන්න බලධාරියෙක් පාර්ලිමේන්තුව තුළවත් නැහැ. පාර්ලිමේන්තුවත් එහෙට අදිනවා. මෙහෙට අදිනවා. ඒ වගේ තමයි බස් ගාස්තුවත්. මේ සෑම දෙයකින්ම මහජනතාව තමයි තැළෙන්නේ. දුප්පතා කවදත් ගමන් කරන්නේ බස්වල. බස්වල ඉන්ධන මිල අඩු කරනවා නම් ප්‍රවේශ පත්‍ර මිලත් අඩු කරන්න ඕනෑ. ඒක තමයි යුතුකම. එම යුතුකම දැන් කෙරෙන්නේ නැහැ.   


 මහව එච්.එම්. බණ්ඩාරනායක මහතා:-   


බස් ගාස්තු අඩුවෙනවා නම් ජනතාවට විශාල සහනයක්. තෙල් මිල ඉහළ යනවා කියන්නේ බඩු මිලත් ඉහළ යෑමයි. දැන් ඉන්ධන මිල ඉහළ යනකොට බස් ගාස්තු ඉහළ ගියා. ඉන්ධන අඩු වුණත් තවම බස් ගාස්තු අඩුවුණේ නැහැ. මේ පිළිබඳ බලධාරින්ගේ අවධානය යොමුකළ යුතුයි. ඇත්තටම මේ ක්‍රමය අසාධාරණයි. මගී ජනතාවයි අසරණ වෙන්නේ. ඒක නිසා ජනතාවට ස්ථීරසාර සහනයක් ලබා දිය යුතුයි.   


දංකොටුවේ දිල්හාරා මහත්මිය-   


ඉන්ධන වැඩි කරනකොට පහුවද‌ාම බස්ගාස්තු වැඩි කරනවා. අඩු කළාම බස් ගාස්තු අඩුකරන්න ඉක්මන් වෙන්නේ නැහැ. අපිට ඒක විශාල වශයෙන් දැනෙනවා. එැදිනෙද‌ා වියදම් එක්ක බලනකොට. ප්‍රවාහනය විතරක් නොවෙයි සෑම දෙයක්ම එහෙමයි.   


 අම්පාරේ කේ.පී. රූපසිංහ මහතා-   


 දුරබැහැර වෙසෙන අපි මේ නිසා සෑහෙන්න අපහසුතාවට පත්වෙනවා. වෙනද‌ා රුපියල් 1000 ක් අතට ආවාම බස්ගාස්තු ගෙවලා ඉතුරුවායින් ගෙදරට තවත් මොනවා හරි අරගෙන යන්න පුළුවන් දැන් බස්ගාස්තු වලට ඒ ගාන ගියාම අතේ ඉතුරුවක් නැහැ. තෙල් මිල වැඩි කළා කියපු ගමන් වැඩිකරන බස් ගාස්තුව තෙල් මිල අඩු කළාම ඒ සැණින් අඩු කෙරන්නේ නැහැ. සමහර වෙලාවට ඉතුරු මුදල් ගෙවන්නෙත් නැහැ.   


 දැන් රුපියල් 5 ක් උනත් ඉල්ලුවම මාරු නැහැ කියනවා. අපි ඉතින් පාඩු විඳගෙන බැහැල යනවා. ඒක නිසා නියමිත රවුම් ගණනක් තියන්න. ඔය කැඩිච්ච ගණන් නැතුව. රුපියල් 10 නම්, 10 ක්, 15 නම් 15ක්, 20 නම් 20 ක් වගේ.   


මාතර නිල්මිණි මහත්මිය- 

 
මගීන්ගේ දුක දන්නැති සමාජයක් දැන් තිබෙන්නේ. රජයේ ආයතනවල ඉහළ නිලධාරින් දුප්පත් අයගේ දුක දන්නේ නැහැ. එයාලා යාන වාහන වලින් යමින් සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේ. බස්රියවල යන එන දුප්පත් අයගේ දුක දැන්නැති නිසයි මේ දේවල් වෙන්නේ. ගම්වල සිටින අහිංසක දුප්පත් ජනතාව තමයි සෑම අතින්ම පීඩා විදින්නේ.   


 නුවර ශාන්ත කුමාර මහතා-   


 ඉන්ධන වැඩි කරන සෑම අවස්ථාවකම බස්ගාස්තු වැඩි කරනවා. ඔවුන්​ෙග් වැඩි කිරීමට බාධා එල්ල කළොත් වර්ජන කරලා හරි කොහොම හරි ඒ ​ඉල්ලීම් දිනා ගන්නවා. ඉන්ධන මිල අඩුවෙන කොට ගාස්තු අඩුකරන්නේ නැහැ. ඒ වාසිය ඔවුන් ගන්නවා. ඇත්තටම ඒක බස් මගීන්ට කෙරෙන විශාල අසාධාරණයක්. දැන් හැමෝටම ආර්ථික අපහසුතා තිබෙනවා. වැඩි කරන ප්‍රමාණයට වැඩි කරනවා වගේ අඩුකරන ප්‍රමාණයට අඩු කළ යුතුයි.   


 ගම්පහ මල්ලිකා අල්විස් මහත්මිය-   


 බස් ගාස්තු වැඩි වීමෙන් අපිට විශාල ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. ගමන් යනකොට එ්වට අමතර වියදමක් දරන්න ඕනෑ. දිනපතා රැකියාවට යන එන අයටයි මේ බලපෑම සිද්ධ වෙන්නේ. මොකද ඔවුන්​ෙග් ලැබෙන වැටුපට අනුව බස් ගාස්තු වැඩි වුණාට වැටුප් වැඩිවෙන්නේ නැහැනේ. එතකොට ගෙදර එදිනෙද‌ා වියදම් වලදී විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා.   


 ලබන 21 වනද‌ා වන විට අනිවාර්යයෙන්ම බස් ගාස්තු පහත දමන බව පෞද්ගලික බස් සමාගම් නියෝජිතයෝ පවසති. දැනට පවතින රුපියල් 12 සහ 15 ගාස්තු වෙනසක් නොවන අතර මෙවරද ඉන් එහාට ඇති ගාස්තුවල අඩුවීමක් විය හැකිය.   

 

 

 

 

 සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර   
 ඡායාරූප : චානුක කුලසේකර   

 

 



අදහස් (0)

ඉන්ධන මිල අඩුවුණත් අඩු නොවන බස් ගාස්තුව

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 06 23 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


ඉන්දු-පාකිස්ථාන යුද්ධයක් ආවොත් ලොකු ලූනු අර්තාපල්-පරිප්පු හිඟවෙයි
2025 මැයි මස 06 36 0

ඉන්දු - පාකිස්ථාන අර්බුදය යුදමය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් එම දෙරට විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීම සීමා කිරීමට හෝ තහනම් කරනු ලැබීමට ඉඩ


විදුහල්පති සේවයේ පුරප්පාඩු 3000ක්
2025 මැයි මස 06 18 0

විදුහල්පති සේවයේ මේ වන විට පුරප්පාඩු 3000කට ආසන්න ප්‍රමාණයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.


ජල වාෂ්ප වැඩිවීම සහ සුළඟ නොමැතිවීම දැඩි උණුසුමට හේතුවයි
2025 මැයි මස 06 15 0

මේ දිනවල වායුගෝලයේ පවතින දැඩි උණුසුම් තත්ත්වය සුළඟ නොමැතිවීම සහ වායුගෝලයේ ජල වාෂ්ප වැඩි වීම හේතුවෙන් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ


පසුගිය මාසයෙහි පමණක් ඩෙංගු රෝහීන් 5018ක්
2025 මැයි මස 04 34 0

පසුගිය මාසයෙහි ඩෙංගු රෝගීන් 5,018 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් ඉදිරියේ දී ඇතිවන වැසි සමග තවදුරටත් රෝගින් වාර්තාවීම ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය කීට විද්‍යා නිල


ජනපති බංගලා ගන්න පිටරටින් පෝලිමක්
2025 මැයි මස 04 65 0

ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ. යාපනයේ ජනාධිපති බංගලාව කුලියට ගැනීමට කැනඩා ආයෝජකයන් ඇතුළු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1249 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 318 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site