විදුලි ඉංජිනේරු සංගමය

(උපුල් වික්‍රමසිංහ)
තවත් වසර කීපයකින් විදුලිය අර්බුදයක් ඇති වීම වැළැක්වීම සඳහා අත්හැර දමන ලද සාම්පූර් බලාගාරය හා නොරොච්චෝල අංක 04 ජනන ඒකකය වහා ඉදි කළ යුතු බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.
එම සංගමයේ ලේකම් ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ දැන් පවතින විදුලිය අර්බුදයට හේතුව 2015-2035 ජනන සැලැසුමෙන් යෝජනා වූ මෙගාවොට් 500 ක විදුලියක් පද්ධතියට ලබා දෙන සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදි නොකිරීම බවත් ඉන්දියාව සමග යළි සාකච්ඡා කර අදාළ බලාගාරය ඉදි කිරීමේ හැකියාව සොයා බැලීම වැදගත් බවත්ය.
මෙගා වොට් 300 ක ධාරිතාවකින් යුත් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ සිව්වැනි ඒකකය ඉදි කිරීම වත්මන් රජය මගින් ප්‍රතික්ෂේප කළ බව කී ඒ මහතා ගල් අඟුරු මගින් රුපියල් 10ත් 12ත් අතර අඩු මිලකට විදුලිය ඒකකයක් ජනනය කිරීමේ හැකියාව ගැන අවධානය යොමු කර කඩිනමින් එම ඒකකය ඉදි කිරීම සඳහා මුල පිරීම ද අතිශය වැදගත් බවත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
654
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉදිරි කප්පාදු නවත්වා ගන්න සාම්පූර් ඉදිකරන්න