විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර
(අසුන්තා එදිරිසූරිය)
කොවිඩ් රෝග ලක්ෂණ සඟවාගෙන සිට උත්සන්න වන මොහොතේ දී රෝහල් ගත වන බොහෝ රෝගීන් ඔක්සිජන් අඩුකම හේතුවෙන් ජීවිත අවදානමකට පත්වීමේ තත්ත්වයක් මෙරට රෝහල්වලින්ද දැන් දක්නට ලැබෙන බව ගම්පහ මහ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර මහතා ප්‍රකාශ කළේය.
අපහසුතාව එමෙන්ම කතා කිරීමේදී, පඩි කිහිපයක් නැගීමේ දී පවා අධික වෙහෙසක් දැනෙන්නේ නම්, අධික උණ නිතර දින කිහිපයක් ඇතිනම් හෘද ස්පන්දන වේගය වැඩිවන බව දැනෙන්නේ නම්, අැඟපත වේදනාව අධිකව ඇත්නම් එම රෝග ලක්ෂණ කොරෝනා වෛරස් ප්‍රභේදයේ විය හැකි බැවින් නොපමාව රෝහල් ගත කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නව කොරෝනා ප්‍රභේදය නිරෝගී පුද්ගලයෙකුට මෙන්ම තරුණ අයට ද ඉතාම ඉක්මනින් ඇතුළු වී දැඩි බලපෑම් එල්ල කළ හැකි බැවින් තමාට කොරෝනා වයිරසය වැළඳී ඇති බවට සැක කරන්නේ නම් හෝ කොරෝනා වයිරසයට ගොදුරු වූ ආශ්‍රිතයකු සමග ළඟින්ම ඇසුරු කර ඇත්නම් ඇතිවන රෝග ලක්ෂණ කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අධික වෙහෙසනම් හුස්ම ගැනීම අපහසුනම් කොරෝනා විය හැකියි