IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රට හොල්ලන අපරාධවලට අවි දුන්නේ මාවතගම අවි ගබඩාවෙන්?

 

මාවතගම, කොටිකාපොළ ප්‍රදේශයේ වතු බංගලාවක වහලේ සිවිලිමේ සඟවා තිබූ ජීව අත්බෝම්බ තුනක් ඇතුළුව යුද ආම්පන්න රැසක් පසුගිය 8 වැනි දින මාවතගම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සොයාගත්තේය. 

 

  
කොටිකාපොල පිහිටි අක්කර සියයේ ‘‘රොබට්හිල්වත්ත’’ නමැති වත්තේ හිමිකරු විසින්ම මාවතගම පොලිසියට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව කළ සෝදිසියකදී මෙම යුද ආම්පන්න තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

 
ග්‍රෙනේඩ් වර්ගයේ ජීව අත්බෝම්බ 3ක්, ටී පනස්හය ජීව උණ්ඩ 67ක්, ටී පනස් හය මැගසින් 4ක්, එම්. 16 ජීව උණ්ඩ 27ක්, මිලිමීටර් 9 පිස්තෝල ජීව උණ්ඩ 41ක්, 38 ජීව උණ්ඩ 38ක්, 45 ජීව උණ්ඩ එකක්, 69 ජීව උණ්ඩ 7ක්, බෝර 16 ජීව උණ්ඩ 4ක්, ටී පනස්හය පුහුණු උණ්ඩ 156ක්. එම්.පී.එම්.ජී. හිස්පතරොම් කොපු 18ක්, ටී පනස්හය හිස්පතරොම් 4ක්, පූචප් එකක්, පැරාලයිට් 2ක්, යුද හමුදා හිස්වැසුමක් (කැමා හෙල්මට්), කැමා ටීෂර්ට් එකක්, පුහුණු පිස්තෝල උණ්ඩ එකක් ලෙස විශාල ප්‍රමාණයක යුද හමුදා ආම්පන්න තොගයක් මෙහිදී සොයා ගැනීමට හැකිවිය.  


මෙම වතුයායේ වත්මන් හිමිකරුවකු බව කියන අතුල ගුණරත්න යන අය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මාවතගම පොලිසියේ මෙහෙයවීමෙන් මෙම ආම්පන්න තොගය සොයා ගැනිණි.  


වතු බංගලාවේ රාත්‍රියේ නිදා සිටියදී වහලේ සිවිලිම ඇතුළතින් ඇසුණු විවිධ ශබ්ද පිළිබඳව සැකසිතා ඒ පිළිබඳව තම සේවකයකු යොදා කරන ලද සොයා බැලීමකින් පසුව මෙම විශාල අවි ආයුධ තොගය සිවිලිම තුළ තිබෙනවා දුටු බව අතුල ගුණරත්න නමැත්තා මාවතගම පොලිසියට පවසා ඇත.  


එම දැනුම්දීම අනුව වහා ක්‍රියාත්මක වූ මාවතගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහින්ද පුෂ්පකුමාර මහතා සිද්ධිය කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති හෙන්රි කුරේ සහ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි එගොඩවෙල මහත්වරුන්ට දැනුම් දී ඔවුන්ගේ උපදෙස් අනුව පරික්ෂණ ඇරැඹීය.  


පොලිස් විශේෂ කාර්ය බළකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරින්ගේද සහායෙන් රොබට්හිල්වත්තේ බංගලාවේ සිවිලිම පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීහු මවිතයට පත්වූහ.  


ආරක්ෂක අංශයක අවි ආයුධ ගබඩාවකට සමාන වූ අවි ආයුධ තොගයක් එහි වූ අතර එහි නොවූයේ ගිනි අවි පමණි. මෙපමණ විශාල ප්‍රමාණයක ජීව උණ්ඩ සහ ජීව අත්බෝම්බ තොගයක් මෑතකදී කුරුණෑගලින් සොයා ගැනුණු ප්‍රථම අවස්ථාව මෙය විය.  

 


මෙපමණ විශාල ආයුධ තොගයක් මෙම ස්ථානයට පැමිණියේ කෙ​ෙස්දැයි පොලිස් නිලධාරීන්ටද බරපතළ ගැටලුවක්ම විය.  
මෙම අවි ආයුධ තොගය පිළිබඳව තොරතුරු අනාවරණයවීමෙන් පසුව කොටිකාපොල ප්‍රදේශයේම මීට වසර දොළහකට පමණ ඉහතදී එනම් 2005 වසරේ මැයි මාසයේදී සිදුවූ ත්‍රිත්ව මිනිස් ඝාතනයක් පිළිබඳව නැවත පොලිසියේ විශේෂ අවධානයක් යොමු වී ඇත.  
මාවතගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ධනංජය ඒකනායක මහතා (39) සහ ඔහුගේ බිරිය වූ පියංකා විජේසිංහ (37) සමග ඔවුන්ගේ ඥාතියෙකු වූ කේ.එම්. කරුණාතිලක මහතා (40) ඝාතනයට ලක්වූයේ. 2005-05-18 දින කොටිකාපොල පිහිටි ධනංජය මහතාගේ නිවසේදීමය.  


ටී පනස්හය ගිනි අවියකින් එල්ල කරනලද වෙඩි ප්‍රහාර වැලකට සහ අත්බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී ඔවුන් තිදෙනා මරණයට පත්ව තිබුණි. එම ප්‍රහාරයෙන් ඔවුන්ගේ හිතවතෙකු වූ වනජීවි නිලධාරි​ෙයක් බරපතළ තුවාල ලැබීය.  


සවස 6.30ට පමණ අඳුරු වැටෙමින් තිබූ අවස්ථාවක එල්ල කරන ලද එම ප්‍රහාරයෙන් ධනංජය මහතාගේ නිවෙසට ද බරපතළ හානි සිදුව තිබූ අතර, ඔහුගේ ළාබාල වයසේ පසුවූ දියණියන් දෙදෙනා සහ එකම පුතු එදා ඝාතකයින්ගෙන් බේරි තිබුණි. අද ඔවුන්ගෙන් දියණියන් දෙදෙනාම විවාහ වී සිටින අතර එකම පුතු මේ වන විට උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටියි.  


මෙම ත්‍රිත්ව මිනිස් ඝාතනය එකල රටම කැලඹවූ පුවතක් විය. ළාබාල වයසෙම පසුවූ දරුවන් තිදෙනකු තනිකොට දෙමාපියන් කුරිරු ලෙස ඝාතනය කිරීම සමාජයේ දැඩි කතාබහට ලක්වූ පුවතක්ද විය.  


එම ඝාතනය සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් එ් වනවිට පදිංචිව සිට ඇත්තේ අවි ආයුධ තොගය සොයාගනු ලැබූ කොටිකාපොළ අක්කර සීයය වතු බංගලාවේය.  


එම ඝාතනය පිළිබඳව පරීක්ෂණ මෙහෙයවූ පොලිසියට එකල මෙම වතු බංගලාවේ සඟවා තිබූ ජීව උණ්ඩ තොගයක් සහිත යකඩ ට්‍රන්ක පෙට්ටියක්ද සොයා ගැනීමට හැකිවිය.  


කෙසේ වුවද මෙම ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පැවැති නඩු විභාගයකින් අනතුරුව එම සැකකරුවන් තිදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීරණය කරනු ලැබීය. සැකකරුවන්ට එරෙහිව අපරාධය සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් වී නොතිබීම සැකකරුවන් නිදහස් කිරීමට හේතුව විය.  


ඝාතනයට ලක් වූ ව්‍යාපාරික ධනංජය මාවතගම නගරයේ දැව භාණ්ඩ අලෙවි සැලක් පවත්වාගෙන ගිය අයෙකි. ඔහුගේ සොයුරියන් වන කුමාරි ඒකනායක මහත්මිය මාවතගම හිටපු එජාප සංවිධායකවරියක වූ අතර හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රීවරියකි. වත්මන් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානියෙකු සේම ආරක්ෂක අංශයක වත්මන් ප්‍රධානියෙකු ද මියගිය ධනංජයගේ සමීපතම ඥාතීන් බව පැවසේ.  


ඝාතනයට ලක් වූ ධනංජයගේ බිරිඳවන ප්‍රියංකාට එම ඝාතන සිද්ධියේ එක සැකකරුවකුගෙන් එල්ල වූ නොමනා බලපෑමක් හේතු කොටගෙන කුපිත වූ ධනංජය සහ එම සැකකාර පුද්ගලයකු අතර ඇති වූ බව කියන ආරාවුලක් මත මෙම ඝාතන සිද්ධ වූ බවද එකල කියැවිණි.  


අවි ආයුධ තොගය හමුවූ රොබට්හිල්වත්ත සහ ඝාතනයට ලක්වූ ධනංජයගේ නිවෙස අතර ඇත්තේ මීටර් 500ක පමණ දුරකි. එනිසාම එම ඝාතන සහ මෙසේ හමුවූ අවි ආයුධ අතර සම්බන්ධයක් තිබේදැයි මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන මාවතගම පොලිසියේ අවධානය යොමු ව ඇත.  

 


රොබට්හිල්වත්ත සම්බන්ධයෙන්ද මේ වන විට ගැටලුකාරි වාතාවරණයක් පවතින බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙම වතුයායේ ඉතිහාසයද ඉතා පැරැණි එකකි. එම වතුයාය අක්කර සීයකින් සමන්විත වන අතර එහි අක්කර පහ බැගින් අනිල් කුරේ සහ ජෙබ්‍රි කුරේ යන සොයුරන් දෙදෙනාට අයත් බවද මීට අමතරව මාවතගම නගරයේ ඉඩකඩම් රැසක මොවුන් අයිතිකරුවන්ව සිටි බවද පැවසේ. කෙසේ වුවද මේ වන විටද ඒවායින් ඉඩකඩම් බොහොමයක් විකුණා සහ වෙන්දේසිකර ඇත.  


කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින කුරේ සොයුරන් ඇමරිකාවේ පදිංචිකරුවන් වන බැවින් මෑතක් වන තුරුම මෙම ඉඩම්වල පාලනය ඔවුන්ට හිතවත් විවිධ පුද්ගලයින් අතින් සිදුවූ බව පැවසේ. ධනංජය සහ ප්‍රියංකා ඝාතනයේ සැකකරුවන්ව සිටි එකම පවුලේ සොයුරන් තිදෙනාද දකුණු ප්‍රදේශයේ සිට මාවතගමට සංක්‍රමණය වී මෙම වතුයායේ කටයුතු කලක් බාරව සිටි පිරිසක් බව මේ වන විට සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.  


පසුගිය කාලයේ දී මෙම ඝාතන සිද්ධියත් සමග ඇති වූ විවිධ ගැටලු මත මීට කලකට පෙර රොබට්හිල් වතුයායේ පාලනය කුරේ සොයුරන්ගේ මවගේ සොයුරාගේ පුතෙකු බව කියන අතුල ගුණරත්න මහතා බාරගෙන ඇත. ඔහුද විදෙස් රටක පදිංචිකරුවකු වන අතර ඔහු නිවාඩුවකට පැමිණි අවස්ථාවක මෙම වතුබංගලාවේ ගතකරමින් සිටියදී හමුවූ අවිආයුධ තොගයේ තොරතුරු අනාවරණය විය.  
ධනංජය ඝාතනයේ සැකකරුවන් වූ සොයුරන් තිදෙනා සහ මෙම අවි ආයුධ තොගයේ සම්බන්ධතාවයක් තිබේදැයි ​ෙම් වන විට පොලිසිය විමර්ශනය කරමින් සිටියි.  


ඇතැම් විටෙක මේවා රට තුළ සිදුවන විවිධ අපරාධ සඳහා යොදා ගැනීමට මෙම වතු බංගලාවේ සිවිලිම තුළ සඟවා තැබුවාදැයි යන සැකය අනුව ඒ පිළිබඳව සොයා බැලීම පිණිස පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.  


මෙම අවි ආයුධ තොගය හමුවීමට සති කීපයකට පෙර මාවතගම නගරයේ ​පොත් අලෙවි සැලකට ටී පනස්හය ගිනි අවියකින් එල්ල කර තිබූ වෙඩි ප්‍රහාරයක් පිළිබඳවද මෙම සිද්ධියත් සමගම පොලිසියේ අවධානය යොමු වී ඇත. රාත්‍රියක එල්ල වූ එම වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් හානි සිදු නොවූ අතර ඊට සම්බන්ධ කිසිදු සැකකරුවකු මෙතෙක් අත්අඩංගුවට පත්වී නැත.  


රොබට්හිල්වත්තේ අයිතිය සහ පරිපාලනය සම්බන්ධයෙන්ද මේ වන විට ගැටලුකාරිමය තත්ත්වයක් මතුව තිබෙන හෙයින් එහි අයිතිය පිළිබඳව කරුණු සනාථකර ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කෙරෙන බව පොලිස් පරීක්ෂක මහින්ද පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.  
ඝාතනයට ලක්වූ ධනංජයගේ පවුලේ සමීපතම ඥාතීන් පවසන්නේ මෙම ඝාතන සිද්ධියෙන් පීඩාවට පත් වූ ඔහුගේ දරුවන් තිදෙනාට මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවය.  


“මෙම ඝාතනය සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි තිබුණත් ඒ පිළිබඳ මාවතගම පොලිසියේ සේවය කළ නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසයි එහෙම සිද්ධ වුණේ, මියගිය ධනංජයගේ දරුවන්ට සාධාරණයක් නීතියෙන් ඉෂ්ටවිය යුතුයි. අඩුම ගානේ ඔවුන්ට දෙමාපියන් අහිමි වීමෙන් පසුව ජීවත් වීම සඳහා වන්දියක්වත් ලැබුණේ නැහැ. නෑදෑයෝ නොසිටියනම් ඒ දරුවන්ට සිද්ධ වෙන්නේ මහ පාරේ හිඟාකන්නයි.  


ඒ නිසා අපි පොලිස්පතිතුමාගෙන් බොහොම බැගෑපත්ව ඉල්ලා සිටිනවා ඔබතුමාගේ ඍජු මැදිහත්වීම යටතේ මේ කුරිරු ඝාතන සිද්ධිය ගැන නැවත මුල සිටන්ම පරීක්ෂණ පටන්ගන්න කියලා. එතකොට රොබට්හිල්වතු බංගලාවේ තිබිලා සොයාගත්තු අවි ආයුධවල රහසක් හෙළි කරගන්න පුළුවන් වේවි” යැයිද ධනංජයගේ ඥාතීහු ‘ඉරිදා ලංකාදීපයට’ ප්‍රකාශ කළහ.  

 

සේයාරූ හා සටහන 
පුෂ්පකුමාර ජයරත්න 

 



අදහස් (0)

රට හොල්ලන අපරාධවලට අවි දුන්නේ මාවතගම අවි ගබඩාවෙන්?

ඔබේ අදහස් එවන්න

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4684 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 82 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 99 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 112 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 814 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 146 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site