IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සමබර වී ආතතිය අඩු කරමු

 

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන් ප්‍රනාන්දු මහතායි. 


මානසික ආතතිය නැත්නම් stress කියන්නෙ සැබෑ ලෙස හෝ සංකල්පිත ලෙස අභියෝගයකට හෝ තර්ජනයකට පුද්ගල මනස සහ ශරීරය දක්වන ප්‍රතිචාරයට. මේ හේතු කාරණා වන අභියෝග සහ තර්ජන විවිධාකාර වෙන්න පුඑවන්. මෙය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකින් හඳුනාගත හැකියි. ඒ්වානම් තමා තුළ තිබෙන හේතු සහ බාහිරින් ඇතිවන හේතු.  


තමා තුළ ඇතිවන සමහර සිතිවිලි, බලාපොරොත්තු, විශ්වාස නිසාත් යම්කිසි මානසික ආතතියක් ඇතිවෙන්න පුඑවන්. ඒ වගේම අප ජීවත්වන පරිසරය තුළ යම් වෙනසක් ප්‍රශ්නකාරී, ගැටලුකාරී තත්ත්වයක් ඇතිවුවහොත් මේ තත්ත්වය ඇතිවෙනවා. විශේෂයෙන්ම ජීවිතේ යම් අහිමිවීමක්, ළඟම ඥාති හිත මිත්‍රාදියකුගේ අහිමිවීමක් වැනි හේතූන් මේ තත්ත්වයට විශාල ලෙස බලපෑමක් ඇති කරනවා. ඒ් වගේම මේ දිනවල රටක් විදියට සියලුම දෙනා මුහුණදෙන ගැටලුකාරී ස්වභාවයක් තියෙනවා. විශේෂයෙන්ම ආර්ථිකමය වශයෙන් තම මූලික අවශ්‍යතා සපුරා ගැනිීම සම්බන්ධව පවා ගැටලුකාරී ස්වභාවයක් තියෙන්නෙ. ඒ තුළ අද බොහෝ දෙනෙක් මානසික ආතතියෙන් පෙලෙන බව දකින්න තියෙන කාරණයක්.   


විශේෂයෙන් කියන්න ඕනැ මේ මානසික ආතතිය නිරන්තරයෙන් කෙනෙකුට අයහපතක් සිදු කරන්නෙ නෑ. ඒ තුළ යහපත් පැත්තකුත් තියෙනවා. සමහර ප්‍රශ්නකාරි අවස්ථාවන්ට මුහුණදී ඒවා ජය ගන්නටත් ශක්තියක් සමහර අවස්ථාවල එන්නට පුළුවන්.       

  
මානසික ආතතිය පමණට වඩා වැඩි වුවහොත් තමයි හානියක් සිදුවෙන්නෙ. එය විශේෂයෙන්ම සෞඛ්‍යයට, මනසේ ස්වභාවයට කාර්යක්ෂමතාවට සහ ජීවිතේ ගුණාත්මක හැඩයට හානියක් ගෙන දෙන්න පුළුවන්.


මානසික ආතතියෙ යහපත් බවට උදාහරණයක් සඳහන් කළොත්... දරුවෙක් විභාගයකට සුුදානම් වෙනවා කියලා හිතමු. ඒ් විභාගය දරුවාට ජීවිතේ බාහිරින් පැමිණෙන අභියෝගයක්. ඒ අභියෝගය නිසා දරුවාගේ මනස තුළට සහ ශරීරයට ප්‍රතිචාරයක් දක්වනවා. ඒ තුළ යම්කිසි ආතතියක් ඇතිවෙනවා. ඒ ආතතිය යම් මට්ටමකට දරුවා එම විභාගයට සූදානම් කරවීමේ නැඹුරුව වැඩි කරනවා. ඒ හේතුව මත වැඩි වැඩියෙන් පාඩම් කර විභාගය ජය ගැනීමේ බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. නමුත් මේ සිදුවීම අයහපතට සිදුවෙන්නත් හැකියාව තියෙනවා. 


ඒ පමණට වඩා ඔළුවට මෙය පීඩාවක් ගෙන දුන්නොත්. ඒ නිසා මේ තත්වයන් සමබර විය යුතුයි.  


කෙනෙක් යම්කිසි ගැටලුකාරී තත්ත්වයකදී ආතතියක් තිබේද යන්න හඳුනාගැනීම ඉතා වැදගත්. එවැනි අවස්එාවක විවිධ වෙනස්වීම් ශරීරය තුළ සිදුවෙන්න පටන් ගන්නවා. තමන් කරන රාජකාරි වෙනත් දිනවලට වඩා බරක් ලෙස හිතන්නෙ. ඒත් එක්කම නින්ද හා සම්බන්ධ ගැටලු, නින්දේ ගුණාත්මකභාවය අඩුවීම, ඉක්මනින් තරහයාමේ ස්වභාවය,
පෙරදිනවලට වඩා වෙහෙස ගතිය වැඩිවීම, අකාර්යක්ෂමතාව වැනි ලක්ෂණ ඇතිවිය හැකියි.


යම් පුද්ගලයෙක් මානසික ආතතියක් ඇතිවුවහොත් එය කළමනාකරණය කිරීම වෙනුවෙන් සුදුසු දේ වෙනුවට නුසුදුසු ක්‍රියාමාර්ගවලට යොමුවෙන්න පුළුවන්. 
නුසුදුසු ක්‍රියාමාර්ග ගැන කතා කළොත් හිතට යම් ආතතියක් හෝ පීඩනයක් එනවිට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වෙනවා. එවිට ඒ වෙනුවෙන් නිරන්තර පෙලඹීමක් ඇතිවෙන්න පුඑවන්. සමහර පිරිස් ප්‍රශ්න අමතක කරන්න බොනවා කියනවා. නමුත් ඒ තුළින් වෙන්නෙ තව තවත් ප්‍රශ්නවලට ගොදුරුවීම පමණයි.    


ඉන් ආර්ථිකමය, සමාජයීය, සෞඛ්‍යමය සහ නීතිමය වශයෙන් විවිධ ගැටලුවලට මුහුණපාන්නට සිදුවෙනවා. තවත් සමහරු ජීවිතේ ප්‍රශ්නකාරී සිදුවීමකට මුහුණදෙන්නට සිදුවුවහොත් තමන් විසින් තමන්ටම හානි කරගන්නා අවස්ථා තියෙනවා. ඒ තුළ ආහාර නොගෙන සිටිම, තමන් විසින්ම තුවාල කරගැනිීම්, කපාගැනිීම්, විවිධ බෙහෙත් වර්ග අධික මාත්‍රාවට ගෙන සියදිවි හානිකර ගැනීමට තැත් කර ගැනීම්, කපාගැනීම්, විවිධ බෙහෙත් වර්ග අධික මාත්‍රාවට ගෙන සියදිවි හානිකර ගැනීමට තැත් කර ගැනීම්, වෙනත් ක්‍රම මගින් ජීවිතය නැතිකර ගැනීමට උත්සාහ කිරීම් වැනි සිදුවීම් දකින්න පුළුවන්. විශේෂයෙන්ම 16-20 වයස් කාණ්ඩයේ පසුවන දරුවන් තුළ මෙවැනි සිදුවීම් බහුලව දකින්න තියෙනවා. නමුත් මේ කිසිවක් ආතතිය පාලනය කර ගැනීමට සුදුසු දේවල් නෙමෙයි.  


සමහර පිරිස් බොහොම කලහකාරි ලෙස හැසිරෙන අවස්ථා තියෙනවා. ඒ තුළින් ප්‍රශ්නකාරී බවක් තමයි සිදුවෙන්නෙ. ඉන් මානසික ආතතිය තව තවත් වැඩිවෙන්න පුළුවන්. 
ඒ වගේම මානසික ආතතිය වැඩිවීම තුළින් පමණට වඩා වැඩිපුර ආහාර ගන්න පිරිසකුත් ඉන්නවා. නමුත් ඒ මොහොතේදී පමණක් හිතට දැනෙන පීඩනය අඩු වුවත් කලක් ගතවන විට ශරීර සෞඛ්‍යයට හානි සිදුවීම වෙන්න පුළුවන්. බෝ නොවන රෝග දියවැඩියාව, කොලෙස්ටරෝල්, රුධිර පීඩනය, තරබාරුකම, වැනි රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානම වැඩියි. සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාවකට හුරුවීම නිසා අවසානයේ තමන්ගේ සෞඛ්‍යය පිරිහීම සිද්ධවෙන්න පුළුවන්. 


තවත් සමහරු ආතතියක් දැනුනම වැඩි වශයෙන් සාප්පු සවාරි යනවා. එය ආර්ථික වශයෙන් ජීවිතේට බලපෑමක් ඇති කරන්නත් පුළුවන්. ඒ වගේම එවැනි අවස්ථාවල වැඩිපුර නිදාගන්නවා. ඒ තුළිනුත් මානසික ආතතිය දෙගුණ තෙගුණ වෙන්න පුළුවන්.   


විශේෂයෙන් සඳහන් කරන්න ඕනැ සමහර දෙනෙක් ගැටලුකාරී සිදුවීමක් ඇතිවීමකදී ඒ සම්බන්ධව තව තවත් පුද්ගලයන් සමගින් ඒ සම්බන්ධව කතා කර කර යනවා. මොකද එය එසේ සිදුවූවායින් පසුව මනසට සැහැල්ලුවක් දැනෙනවා කියන දේ මත. එය යම්තාක් දුරකට සුදුසු වුවත් පසුකලෙක එම ගැටලුව ආතතිය වැඩිවීමට බලපාන විශාල හේතුවක් වෙන්නත් පුළුවන්.     

 
ඉහතින් නුසුදුසු ක්‍රම ගැන සඳහන් කළා වගේම මානසික ආතතිය කළමනාකරණය කර ගැනීම සම්බන්ධව සුදුසු ක්‍රම ගණනාවක් තියෙනවා. එහි ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් තියෙනවා.  


1... problem focused coping 
2... Emotion focused coping 


ප්‍රශ්නය ඉලක්ක කරගත් ආතතිය මැඩ පැවැත්වීමේ ක්‍රමවේදය සහ මානසික අපහසුව ඉලක්ක කරගත් ආතතිය මැඩ පැවැත්වීමේ ක්‍රමවේදය. මෙහි පළමු ක්‍රමය අනුව ආදරය කරන යුවළක් සම්බන්ධව කතා කළොත් දෙදෙනෙකු අතර විවිධ හේතු නිසා නිරන්තරයෙන් ප්‍රශ්න ඇතිවෙනවානම් ඒ සිදුවීම් මත දෙදෙනාම ආතතියකින් පසුවෙන්න පුළුවන්.  
ඒ ගැටලුකාරී තත්ත්වයන් මත ගතයුතු නිසි ක්‍රියාමාර්ගය නම් දෙදෙනා කතාබහ කරගෙන වෙන්වීම පමණයි. සම්බන්ධතාවලදී එය යම්කිසි ආතතියක් ගෙන දෙනවානම් ඉන් මිදීමයි වැදගත් වෙන්නෙ. 


තවත් සමහරෙක්ට රැකියා ස්ථානවල ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදෙන්නට වන අවස්ථා බොහොමයි. සමහර ආයතනවල ඉහළ නිලධාරීන් වැඩ රාජකාරි පවරද්දී සීමාවට වඩා වැඩ පැවරීම් සිදු කරනවා. එතැනදි සමහර දෙනෙකුට එ්‍ වැඩ කටයුතු නැහැ, බැහැ නොකියා භාරගන්න වෙනවා. ඒ තුළින් ආතතියෙහි වැඩිවීමක් සිදුවෙන්න පුළුවන්. ඒ නිසා සීමාවට අනුව වැඩ රාජකාරි පැවරීම් ආයතනවල ඉහළ නිලධාරීන් සිතා බැලිය යුතු කාරණාවන්. ඒ දේවල් සාකච්ඡා කර විසඳා ගැනීම ඉතා වැදගත්.   
සමහර වෙලාවට සම්බන්ධතාවලදී තවත් ආතතිය ගෙන දෙන ගැටලුකාරී තත්ත්වයක් තමන්ට හිතට දැනෙන දේ, හැඟෙන දේ ප්‍රකාශ නොකිරීම. උදාහරණයකට ගතහොත් තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය තමන්ගෙ හිතේ තියෙන දේ දැනෙන විදියට කියවලා ව්‍යංගයෙන් හෝ ඒ අනුව ප්‍රතිචාර දක්වයි කියලා හිතනවා. එවැනි ප්‍රශ්නත් මේ තුළ තියෙනවා. 


මේ දේවල් මැඩ පවත්වා ගැනීම හෝ විසඳා ගැනීමට ව්‍ෘත්තීයවේදීන්, මනෝ වෛද්‍යවරුන්, මනෝ උපදේශකවරුන්, මනෝ චිකිත්සකවරුන්, ඇතුළුව මේ සම්බන්ධ අත්දැකීම් ඇති අයෙක් සමග කතාබහ කර හෝ උපදෙස් ලබාගන්න පුළුවන්.         


ඒ වගේම තමන් ගැනම උවමනාවකින් බැලීම වඩාත් සුදුසුයි. ශරීර සෞඛ්‍යය, පිරිසිදුකම සම්බන්ධ දැඩි අවධානය යොමු කිරීම, විලාසිතා අලුත් කිරීම, තමන් පෙර භාවිත කළ සුවඳ විලවුන් ආලේපණ වෙනස් කිරීම, එවැනි ක්‍රියාමාර්ග තුළිනුත් ජීවිතේ නැවුම් බවක් ලබාගන්නට පුළුවන්.   


එලෙසම ස්වභාවධර්මය සමග කාලය ගත කිරීම ගතට, මනසට විශාල සුවයක් ගෙන දෙනවා. ඒත් එක්කම කැමති විනෝදාංශවලට නැඹුරු විය හැකියි. නැටුම්, ගැයුම්, ගීත ශ්‍රවණය, චිත්‍ර ඇඳීම් වගේ මනසට සුව ගෙනෙන විනෝදාංශවල නියැලෙන්න පුළුවන්. ඒ වගේම ශාරීරික ව්‍යායාම් කිරීම වැදගත්. භාවනා කිරීම් තුළින් මනසේ සන්සුන්භාවය ඇතිකරගන්න හැකිවෙනවා. ඒ වගේම විවිධ ක්‍රීඩාවල නිරතවීම, බයිසිකල් පැදීම,   පිහිනීම, ඇවිදීම, දිවීම, ආදී ක්‍රියාකාරකම්වල නියැළීම තුළිනුත් මනසට සහනයක් ලබාගන්න පුළුවන්. යෝගා වැනි දේවල් ඉතා වැදගත්. 


එදිනෙදා ජීවිතේ විශේෂිත කටයුත්තකට අවධානය යොමු කිරීම, තම කාමරය පවිත්‍ර කිරීම, ගේ දොර පිරිසිදු කිරිම්, පොත් කියවීම් වැනි කටයුතුවල නියැළීම, වැනි දේත් තමන් කැමති අලුත් කෑම වර්ගයක් සෑදීමට උත්සාහ කරන්නත් හැකියාව තියෙනවා. ඒ දේවල් තුළින් මනසේ සන්සුන්භාවයක් ඇති කරනවා.     


මේ සියලුම දේ වගේම ගෙදර සුරතලයට බල්ලෙකු, පූසෙකු වගේ ඇති කරන්න පුළුවන්. විසිතුරු මාළුන් වගේ ඇති කරන්නත් පුළුවන්. මේ සියළුම දේ මත මානසික ආතතිය කළමනාකරණය කරගෙන සතුටින් ජීවත් වෙන්න හැකියාවක් තියෙනවා. 

 

 

■ ධනූ විජේරත්න



අදහස් (0)

සමබර වී ආතතිය අඩු කරමු

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3759 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 43 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1475 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 457 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 350 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1735 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1574 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site