තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි. තාක්ෂණික දියුණුවත් සමග ජංගම දුරකථනයක් නොමැති පුද්ගලයෙකු සොයා ගැනීම අද කළුනික සොයනවාටත් වඩා අපහසුය. නමුත් ජංගම දුරකථන භාවිතයේ ඛේදනීය තත්වය වන්නේ නූතන තරුණ පරපුර ජංගම දුරකථනයේ සිරකරුවෙකු බවට පත්ව තිබීමයි.
දියුණු ලෝකයේ තාරුණ්‍යයට තාක්ෂණය කියන්නේ අත්‍යවශ්‍යම දෙයකි. ජංගම දුරකථනයේ ප්‍රයෝජන රැසක් පවතින බව සැබෑය. නමුත් ‘පිහිය රත්තරන් වුණු පලියට බෙල්ල කපා ගන්නේ නැත.’ කොතරම් ප්‍රයෝජන ලබාදුන්නද ඇබ්බැහි භාවිතා කිරීම තුළින් ජීවිත විනාශය කරා රැගෙන යාමේ හැකියාවද ජංගම දුරකථනය සතුවේ. මේ සියලු දේවල් තීරණය වන්නේ භාවිතා කරන්නා මත වේ. කෙතරම් සාර්ථක මෙවලමක් වුවත් වත්මන් තරුණ පරපුර මෙය අවභාවිතයකින් තොරව පරිහරණය කරනු ලබයි. ඔවුන් හුරුවී තිබෙන්නේ ජංගම දුරකථනය තුළම ජීවත් වීමටයි. නිවස තුළ බස්නැවතුම්පොළ මහ මග යන ඕනෑම තැනකදී ඔවුන්ගේ සිත යොමුවන්නේ ජංගම දුරකථනය වෙතටයි. තමන්ගේ මව්පියන් සමග කතා කරන්නට, නිදහසේ පොතක් කියවන්නට, පරිසරය විඳින්නට අද තරුණයන්ට කාලයක් නොමැත. මන්ද ඒ තරමටම ඔවුන් ජීවත්වන්නේ ජංගම දුරකථනයට කොටුවෙලා ය.
ඔවුන් මොහොතකට හරි ජංගම දුරකථනයෙන් දුරස් වන්නේ නින්දට යන මොහොතේ දී පමණි. අද තරුණ තරුණියන්ගේ පරිකල්පන ශක්තිය, ලේඛන හැකියාව, සාහිත්‍ය රසවින්දනය ගිලිහී ගොස්ය. ජංගම දුරකථනය තුළම ජීවත්වන ඔවුන් නොදැනුවත්වම සාහිත්‍ය රසය දුරස් වී ඇත. අද භාෂාව දියුණු වනවාට වඩා සිදු වී ඇත්තේ භාෂාව විකෘති වීමයි. ජංගම දුරකථනය ඔස්සේ තරුණ පරපුර සිංglish භාෂාවකට හුරු වී ඇත. එදා මෙන් සාහිත්‍යධරයන්, කවියන් බිහි නොවීම ගැන පුදුම වන්නට දෙයක් නැත. අද සෑම සම්බන්ධතාවක්ම ජංගම දුරකථනයට කොටු වී ඇත.
ජංගම දුරකථනයට කොටුවෙලා පවත්වන සම්බන්ධතා හරිම කෘත්‍රිමයි. ඇතැම් අවස්ථාවන්වලදී තරුණ තරුණියන් ජංගම දුරකථනය ඔස්සේ නාඳුනන පුද්ගලයන් සමග ප්‍රේම සම්බන්ධතා පවත්වාගැනීම සිය ජීවිත අඳුරට ඇදගන්නා අවස්ථා අද සමාජයේ ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ. කෙසේ නමුත් ජංගම දුරකථන භාවිතයෙන් මුළුමනින්ම ඉවත්වීමේ හැකියාව නැත. වැදගත් වන්නේ අවබෝධයෙන් යුතුව භාවිතා කිරීමයි.
නිලූෂි නිලුනිකා කුමාරි
කැලණිය විශ්වවිද්‍යාලය.
“අප්‍රේල් දහ අට වෙනිදා තමයි මගේ උපන්දිනය. මම දුවට කිව්වා, මගේ උපන් දිනය වෙනුවෙන් ඔයා මට දෙන ලොකුම තෑග්ග තමයි රන් පදක්කම අරන් දෙන එක කියලා. අපි ඒක බලාපොරො
අලිසා කාසන් 24 හැවිරිදි හැඩකාර ඇමෙරිකන් තරුණියකි. අද වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා ඇය ගැන කතාබහ කරති. ඊට අපූරු හේතුවක් ඇත. ඒ අඟහරු ග්‍රහයා වෙත යෑමට ඇය
දළදා මාලිගාවේ පාලනය පවතින්නේ ‘දියවඩන නිලමේ’ නමැති ගිහි භාරකාරයකු යටතේය. බ්‍රිතාන්‍යයන් මෙරට ඈඳා ගන්නට පෙර සිංහල රජවරු දළදා තේවාවට ගියහ. එකල රජ්ජුරුව
ඉංග්‍රීසීහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1815 පෙබරවාරි 18 වැනිදා මැදමහනුවර බෝමුරේ උඩුපිටිය පෙදෙසේ වලව්වක සැඟවී සිටියදී අල්ලා ගත්හ. ඒ සමඟම ලංකාවේ රාජ වංශ
වත්මන් සෙංකඩගල මාළිගා පරිශ්‍රය නිරීක්ෂණය කිරීමේ දී 1815 වසරේ දී උඩරට ගිවිසුම අත්සන් කොට අධිරාජ්‍යවාදීන් විසින් උඩරට රාජධානිය අත්පත් කරගන්නා විට තිබූ බ
සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා වහන්සේ ගේ මහජන දැක්ම දැන් පැවැත්වේ. වසර 16ක් තරම් වූ දීර්ඝ කාලයකට පසු උදාවුණ එම අසිරිමත් මොහොතේ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තාක්ෂණයේ සිරවීම