
රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවිරිදි පුටින්, සියයට 87 ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන ඇත. ඒ, සමස්ත ඡන්ද ප්‍රතිඵලවලින් සියයට 60 ක් ප්‍රකාශයට පත් වෙද්දීය.
ඒ අනුව, තවත් වසර 6 කට රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට පුටින්ට හැකිවෙයි. රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා බවට ද පුටින් පත්වෙයි.
රුසියන් ජනාධිපතිවරණය ආරම්භ වූයේ පසුගිය 15 වැනිදාය. එය ඊයේ (17) අවසන් විය. පුටින්ගේ ජය තහවුරු වූයේ ජනාධිපතිවරණයට විපක්ෂ අපේක්ෂකයකු නොවූ බැවිනි.
(අල් ජසීරා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයේ නායකයො මරාගෙන ඡන්දය තියල ජයග්‍රහණය ලැබුනා කියන්න පුළුවන් ත්‍රස්තවාදීන්ට පමණයි .ලබාගෙන තියෙන්නෙ ජයක් කියන්නෙ කොහොමද
ඒ අස්සේ ලෙන්ස්කිට සහලෝලා උණලු, දෙකොනෙන්ම යනවාලු. පව් දෙයියනේ...!
විපක්ෂ අපේක්ෂකයකු උන්නේ නැත්තේ මොකද කියල කවුරුත් දන්නවා නේ.
විපක්ෂයේ අපේක්ෂකත්වය මැරුවනේ. ලංකාවේ ජේ.ආර්, ප්‍රේමදාසගේ කාලේ කළේත් ඕකමනේ...
ඔහොම ඒවාට තමයි ලූලා නැතිවලට කණයා පණ්ඩිතයා කියන්නේ. රුසියාවේ තිබුණේ ඡන්දයක් නොවෙයි... එක මිනිහෙකුට ඡන්දයක් කියන්නේ මුදල් නාස්තියක් විතරයි. මාලිමාව යම්විදියකින් දිනුවොත් අපේ රටේ වෙන්නත් ඕකම තමා. බලාගෙන ඉන්න එහෙම වෙන්නේ නැද්ද කියලා...?