(මහින්ද නිශ්ශංක)
බහාලුම් ප්‍රවාහන (කන්ටේනර්) රථ ගාස්තු අද (20) සිට සියයට 15 කින් වැඩිකරන බව සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.
ප්‍රධාන වශයෙන් ඉන්ධන මිල වැඩි කිරීමට අමතරව ඩොලරයේ අගය ඉහළ යාමේ හේතුව මත බහාලුම් ප්‍රවාහන රථ ගාස්තු වැඩි කිරීමේ තීරණයට එළඹි බවද සංගමයේ සභාපති සනත් මහතා කීය.
අවසන් වරට බහාලුම් ප්‍රවාහන රථ ගාස්තු වැඩි කිරීමක් සිදුකරනු ලැබුවේ 2016 දී බවත් පැවසූ ඒ මහතා දුර හා බර ප්‍රමාණය අනුව සිදුකෙරෙන මෙම ගාස්තු වැඩි කිරීම නිසා මෙරටට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලුම භාණ්ඩවල මිල ඉහළ යන බව ද පැවසීය.
මේ වනවිට බහාලුම් ප්‍රවාහන රථ අමතර කොටස්, බැටරි, ටයර්, ලිහිසි තෙල් සර්විස් කිරීම හා කම්කරු කුලිය යනාදියේ මිල සියයට 30 කින් ඉහළ ගොස් ඇති බවත් පැවසූ සභාපති සනත් මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් වරායට පිවිසීමේ ගාස්තු රුපියල් 360 සිට රුපියල් 12000 දක්වා සියයට 4000 කින් වැඩිකර ඇතැයි ද මෙම සියලු කරුණු සැලකිල්ලට ගෙන සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ෙග් සංසදයේ විධායක කමිටුව ගාස්තු වැඩිකිරීමේ තීරණය ගත් බවද කීය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් පාර්ලිමේන්තු විවාද එකොළහක් පසුගිය වසර තුන ඇතුළත පවත්වා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් 19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවෙන් 2022 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා 692,461 ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ත
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස් දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විදුලිබල මණ්ඩලය සතු රුපියල් ට්‍රිලියනයකට අධික වටිනා සම්පත්වලින් සියයට හැත්තෑපහකට ආසන්න
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හ
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමග ඉදිරියට ද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කන්ටේනර් ගාස්තුත් අද සිට ඉහළට