IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සිකුරු චක්‍ර රේඛාව සහ මහා චතුරශ්‍රය

අත්ලක පිහිටන තවත් සුවිශේෂී රේඛාවන් දෙකක් පිළිබඳවයි අද ඔබට හඳුන්වා දෙන්නේ. එය තමයි සිකුරු චක්‍ර රේඛාව හා මහා චතුරස්‍රය.  

 

මෙම රේඛාව බොහෝදෙනකුගේ අත්වල දක්නට නොලැබුණත් එම රේඛාව පිහිටා ඇත්නම් එය එම පුද්ගලයාගේ චරිතය පිළිබඳව තේරුම් ගැනීමට හැකි සාක්ෂියක්ද වෙයි. ඉංග්‍රීසියෙන් මෙම රේඛාවට කියන්නේ ගර්ඩ්ල් ඔෆ් වීනස් කියායි. සිකුරු වලල්ල ශුක්‍ර මේඛලාව, අනංගදුන්න නමිනුත් හඳුන්වන්නේත් මෙම රේඛාවයි.  


දබර ඇඟිල්ලටත් මැද ඇඟිල්ලටත් අතර ඇති ප්‍රදේශයෙන් ආරම්භ වන සිකුරු චක්‍ර රේඛාව අර්ධ කවාකාර හැඩයක් වෙද ඇඟිල්ලටත් සුළඟිල්ලටත් අතර ඇති ප්‍රදේශයෙන් අවසන් වෙයි. සමහර අතක ගුරු මණ්ඩලය හෝ ශනි මණ්ඩලය ආශ්‍රයෙන් අාරම්භ වන මෙම රේඛාව බුධ මණ්ඩලය ආශ්‍රයෙන් අවසන් වීමටද පුළුවන. සිකුරු චක්‍ර රේඛාවේ සාමාන්‍ය පිහිටීම රූප සටහනින් පරික්ෂා කරන්න.  


සිකුරු චක්‍ර රේඛාව පිළිබඳව නොයෙකුත් විදියේ මතභේද ඇති බව පළමු කොටම අපි මතක තබා ගත යුතු දෙයක්. අධික කාමාශාවන් ඇති අයගේ අත්වල බොහෝවිට මෙම රේඛාව දර්ශනය වෙයි. සිකුරු රස කාමයට අධිපති ග්‍රහයා වන අතර චන්ද්‍රයා හෙවත් සඳු සිතට මෙන්ම සකල භෞතික පදාර්ථවයන් කෙරෙහිම බලපාන ග්‍රහයාය.  
මේ අනුව සැලකීමේදී සිකුරුගෙයි චන්ද්‍රයාගෙයි ගතිගුණ සිකුරු චක්‍ර රේඛාව සම්බන්ධයෙන් අගේට ගැළපේවි. සිකුරු චක්‍ර රේඛාව විස්තර කරන්නට පළමු එම අයගේ සිකුරු මණ්ඩලය හා චන්ද්‍ර මණ්ඩලය පරික්ෂා කිරීමට සිදුවන්නේ එනිසාය. මනාව පිහිටි සිකුරු මණ්ඩලයක් හා චන්ද්‍ර මණ්ඩලයක් ඇති අතක සිකුරු චක්‍ර රේඛාවකුත් මනාව පිහිටා ඇත්නම් ඔහු හෝ ඇය සුපිරි තත්ත්වයේ මනාලයෙක් හෝ මනමාලියක් වන බව ඔබට තේරුම් ගත හැකි වේවි.  


සිකුරු චක්‍ර රේඛාව තරුණ වියේදී ක්‍රියාත්මක වන රේඛාවක් බව ලෝක ප්‍රසිද්ධ හස්ත රේඛා විශේෂඥවරියකු වන කැතරින් සැන්ටි හිල් මැතිනිය විසින් ප්‍රකාශ කර ඇත.  
මනා හැඩයෙන් හා මනා වර්ණයෙන් පැහැදිලිව සටහන් වී ඇති සිකුරු චක්‍ර රේඛාව වඩාත්ම සුභඵල දෙන පිහිටීමකි. නොයෙකුත් කලා විෂයයන් කෙරෙහි දක්ෂතා දක්වන සිකුරු චක්‍ර රේඛාව හිමියන්ට විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයෙන්, සංගීත භාණ්ඩ නිෂ්පාදනයෙන් මෙන්ම සාප්පු බඩු නිෂ්පාදනයෙනුත් විශාල ආදායම් මාර්ග සලසා ගැනීමට වාසනාව ඇත. ලිංගික විද්‍යාව පිළිබඳ පොත්පත් කියවීමට මෙන්ම රාගය දනවන චිත්‍රපට බලන්නත් රුචියක් දක්වන අයගේ අත්වලත් මෙම රේඛාව පිහිටිය හැක.   


සර්ව ශුභවාදී දෘෂ්ටි කෝණයකින් ජීවිතය දෙස බලන ඔවුන් විවිධත්වය හා විනෝදය අගය කරති. හොඳට ආදරය කරන්නා දන්න ඔවුන්ගේ යුග ජීවිතයත් ඉතා වාසනාවන්තය. කාගේ හෝ අතක සිකුරු චක්‍ර රේඛාව එක්කම කීර්ති රේඛාවත් මනාව පිහිටා ඇත්නම් ඔහු හෝ ඇය ලේඛකයෙකු සංගීතඥයකු නළුවකු හෝ චිත්‍රපට නිෂ්පාදකයෙකු හෝ විය හැක.   


ඕනෑම දෙයක හොඳ වගේම නරකත් තිබිය හැක. ඒ ලෝක ස්භාවයයි. සිකුරු වළල්ල ගැනත් සඳහන් කළ හැක්කේ එයයි. තැනින් තැන කැඩී හෝ කැපීගිය සිකුරු චක්‍ර රේඛාව අසුභය. සල්ලාල ක්‍රියාවලට යාමෙන් ධනය, තත්ත්වය වගේම ජීවිතයත් විනාශ කරගැනීමට හේතුවන පිහිටීමක් වශයෙනුයි එය හැඳින්විය හැක්කේ. ශනි මණ්ඩලයෙන් ආරම්භ වන සිකුරු වළල්ල බුධ මණ්ඩලයෙන් කෙළවර වීමද සුභ නොවේ.  


දුර්වල මෙම රේඛාවක් ඇති අයට බොහෝවිට ලිංගික ආබාධද ඇතිවිය හැක. ලිංගික තෘප්තිය ලැබීමේ අසීමිත ආශාව එයට හේතු විය හැක. එවැනි පිහිටීම් ඇති කාන්තාවන්ටද ගර්භාෂ ගත රෝග ඇතිවිය හැක. සිකුරු චක්‍ර රේඛාව මත වැටෙන තාරකා ලකුණින් සමාජ රෝග වැලඳී ජීවිතය අඳුරු කරගත් පුද්ගලයා හඳුනාගත හැකියි.  


විවාහවීමට පළමු පෙම් සබඳතා කීපයක් ඇතිකර ගැනීම මෙම රේඛාව ඇති අයගේ චරිතයේ විශේෂ ලක්ෂණයකි. විවාහ වුවත් අනිසි සම්බන්ධතාවන් ඇතිකර ගැනීම ඒ අයගේ බලවත් ආශාවන් වෙයි. මෙවැනි ගතිගුණ නිසා ඔවුන්ගේ විවාහ ජීවිතයේ අවුල් වියවුල් බොහෝවිට සිදුවිය හැක. එසේ වුවත් වෙනත් සුභ පිහිටීම් අත්ලේ ඇතිනම් එවැනි දෝෂ භංග විය හැකිය. මෙය කියවන ඔබ බිරිඳක හෝ ස්වාමි පුරුෂයකු විය හැක. නැතිනම් පෙම්වතකු හෝ පෙම්වතියක් වීමටද පුළුවන. එසේ නම් එයාගේ අත්ලෙන් මෙම මනමාල රේඛා වළල්ල වැටිල තියෙනවද කියල පරික්ෂා කිරීම ඔබට වඩා ප්‍රයෝජනවත් වේවි.  

 

මහාචතුරශ්‍රය  


හෘදය රේඛාවටත් ශීර්ෂ රේඛාවටත් අතර ප්‍රදේශය මහා චතුරස්‍රය නමින් හඳුන්වයි. මෙම චතුරශ්‍රය කෙනෙකුගේ අතක දැකිය හැක්කේ සුඛ රේඛාව හෝ කීර්ති රේඛාව පැහැදිලව පිහිටි අත්වලයි. සුඛ රේඛාව යනු ජීවිත රේඛාවේ අවසානයේ සිට සුළැඟිල්ල මුල (බුධ මණ්ඩලය) දක්වා විහිදෙන රේඛාවයි. නැතිනම් වෙදැඟිල්ල මුල (රවි) දක්වා යන කීර්ති රේඛාවයි. රූපසටහනින් එම රේඛා පැහැදිලි වෙනු ඇත.  


The Quardrangle යන ඉංග්‍රීසි වචනයෙන් හඳුන්වන්නේත් මහා චතුරස්‍රයයි. හෘදය රේඛාව හා ශීර්ෂ රේඛා සරල සමාන්තරව ගමන් කරමින් මධ්‍යම ප්‍රමාණයෙන් නිර්මාණය වී ඇති මහා චතුරස්‍රය ඉතාමත් සුභ පිහිටීමක්. ඕනෑම දෙයක් ගැන සාධාරණ තීරණයක් ගැනීමේ හැකියාව ඇති එවැනි අය පොදු ජනතාවගේ සිතුම් පැතුම් අගය කරයි.  


පැහැදිලිව දර්ශනය වන මහාචතුරස්‍රයක් කාගේ හෝ අතක පිහිටියේ නම් ඔහු හෝ ඇය ඉතා වාසනාවන්තයි. මහාචතුරස්‍රය ඉතා පටු නම් එමගින් හෙළිවන්නේ පටු අදහස් ඇති අයකුයි. හදිසි තීරණ ගැනීම ඔවුන් තුළින් කැපී පෙනෙන විශේෂ ලක්ෂණයකි. එම චතුරස්‍රය වඩා පළල් නම් වඩාත්ම අශුභය. හැම දෙයක් ගැනම වැරදියට හිතන බලන එවැනි අයට සමාජ සේවා කටයුතු කොහෙත්ම නොගැළපේ. මහා චතුරශ්‍රය විකෘති වීම දූෂිත චරිතයක් ඇතිවීමට හේතු වේ. තාරකා ලකුණ මහා චතුරස්‍රය ඇතුළත කුමන ස්ථානයක පිහිටියත් සුභඵල ලැබෙන බව ප්‍රසිද්ධ හස්ත රේඛා විශාරදයෙකු වන කෙයිරෝ විසින් ප්‍රකාශ කර ඇත. මහාචතුරශ්‍රය මැද පිහිටි කතිරය හඳුන්වන්නේ ගුප්ත කතිරය නමිනි. එයද අත්හිමියාට සුභඵල ගෙනදෙයි.  

 

 


හිඹුටානේ පියතිලක ද අල්විස්  
158 හිඹුටාන (රෝහල ඉදිරිපිට)  
මුල්ලේරියාව නව නගරය  



අදහස් (0)

සිකුරු චක්‍ර රේඛාව සහ මහා චතුරශ්‍රය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 193 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 376 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site