මෙහි මුල් කොටස ඉකුත් සතියේ පළ විය. 
  
ගරුඬා දිව්‍ය ලෝකය බලා යන විටම පැතිර ගියේ දුර්ගන්ධයකි. හැමදාමත් පරසතු මල් වලින් හැමූ මිහිරි සුගන්ධයෙන් නැහැවෙමින් තිබුණු දිව්‍ය ලෝකයට මේ සා දුර්ගන්ධයක් දැනෙන්නේ ඇයි දැයි නොදත් දෙව්වරු කලබල වූහ. නාස් වසාගෙන පිළිකුලෙන් අවට බැලූහ.  

 
ඉන්ද්‍ර, දෙවියන්ගේ ගුරුවරයා වන බ්‍රිහස්පති සොයා ගියේය. 

 
එ් වන විට ඔහුටද ඒ දුර්ගන්ධය දැනී තිබිණි. එක් අතකින් සිය නාසය වසා ගත් බ්‍රිහස්පතී දුර්ගන්ධයට හේතුව පැහැදිලි කළේය.   


”ඉන්ද්‍ර, ගරුඬා දිව්‍ය ලෝකයට ඇවිත්. ඔහු පැමිණ ඇත්තේ අමෘත බඳුන රැගෙන යෑමට. ඔහු මේ ඉටු කරන්නේ සර්පයන්ගේ ඉල්ලීමක්.”   


ඉන්ද්‍ර තම ගුරුවරයා දෙස බලා සිටියේ පුදුමයෙන​ි. මේ අමෘත බඳුන දෙවිවරුන්ගෙන් පිටට ගියොත් සිදු වන්නේ මහා වරදකි. එබැවින් කෙසේ හෝ එය පරෙස්සම් කර ගත යුතුයි.   


“එහෙමයි ගුරුතුමනි, ගරුඬාට එරෙහිව සටන් කර හෝ අමෘත බඳුන රැක ගැනීමට කටයුතු කරන්නම්.”   


ඉන්ද්‍ර වහාම සිය මන්දිරයට ගියේය. සියලු දෙව්වරුන් කැඳවූ ඉන්ද්‍ර අපි යුද්ධයකට යා යුතුව තිබෙනවා යැයි කීවේය.   


හමා යන දුර්ගන්ධයෙන් තම නාස් පුඩු වසාගෙන සිටි දෙවිවරු මේ හදිසි යුද්ධය කුමක් දැයි විමසූහ.   


“අපිට යුද්ධ කරන්න වෙලා තියෙන්නේ ගරුඬා සමග. කාශ්‍යප ඉසිවරයාගේ පුතා සමග රාජාලි පියාපත් තියෙන ගරුඬා දැන් දිව්‍ය ලෝකයට ඇතුළු වෙලා.”   


අග්නි ඉන්ද්‍ර දෙස බැලුවේ විසල් කර ගත් දෙනෙතිනි.   


“අපි දෙව්වරු සියයක් දෙනා එකතු වී ආරක්ෂක වැටක් තනමු. එවිට ගරුඬාට ඒ ආරක්ෂක වැටෙන් ඇතුළු වී තම අරමුණු ඉටු කර ගැනීමට නොහැකියි.”   


අග්නි කීවේය.   


“ඒක සාර්ථක වෙයි කියලා මම හිතන්නෑ.”   


ඉන්ද්‍ර අග්නි දෙස බලා කීවේය.   


“ඒ දෙව්වරුන්ගේ වැටට මෙහායින් ගිනි වැටක් දල්වමු. එය සූර්යාට සහ අග්නිට පහසුවෙන්ම කළ හැකියි. මේ ගිනි වැටෙන් පැන අමෘත බඳුන ගැනීම ගරුඬාට නොහැකියි” වායු කීවේය.   
“එ් විතරක් මදි වේවි.” එසේ කියමින් වරුණ ඉදිරියට ගියේය.


“අපිට පුළුවන් අමෘත බඳුන මැදි කරන රෝද දෙකක් සවි කරන්න. මේ රෝද දෙකට තියුණු තල දෙකකුත් එක් කරමු. එවිට නිරතුරුවම කැරකෙන රෝද අතරින් අමෘත බඳුනට අත පොවන්න කිසිවෙකුටත් බැහැ. ඒ වගේම අපිට පුළුවනි විෂඝෝර සර්පයන් දෙදෙනෙකුත් අමෘත බඳුන ආරක්ෂාවට තියන්න.”   


අනෙක් දෙවිවරු වරුණගේ අදහසට වුවමනාවෙන් සවන් දුන්හ. වරුණගේ අදහස අනුමත කරන ලෙසින් හිස් සෙලවූහ. එහෙත් ඉන්ද්‍ර පමණක් කිසිත් නොපවසාම කල්පනාවේ ගැලී සිටියේ ය.
“අමෘත බඳුනේ ආරක්ෂාවට ඒ ක්‍රම සෑහේවිද?”


අලියකු සහ යෝධ ඉබ්බකු ආහාර කොට ගෙන ශක්තිමත් වී සිටි ගරුඬා දිව්‍ය ලෝකයේ අමෘත බඳුන රඳවා තිබූ ස්ථානයට ඇතුළු විය. තම සිරුරේ සැබෑ ප්‍රමාණයට වඩා කුඩා සිරුරක් මවා ගත් ඔහු දුටු විට වරුණට ඇති වූයේ ගැටලුවකි.   


දෙවිවරු වහා ගරුඬා වට කර ගත්හ. ඔවුන් සියලු දෙනා අදහස් කරගෙන සිටියේ ගරුඬා සමග සටන් වැදීමටය. කෙසේ වෙතත් අතිශය විශිෂ්ඨ ජවයකින් සන්නද්ධව සිටි ගරුඬා සියක් දෙවිවරු සමග තනිවම සටන් වදින්නට තීරණය කළේය.


“මේ ඉන්​ෙන ගරුඬාද?” පපුව පිරෙන්නටම ලොකු හුස්මක් ගත් ඉන්ද්‍ර තමන්ගෙන්ම විමසුවේය.


ඒ වන විට සියලු දෙවිවරු අමෘතය පානය කර යෝධ ශක්තියකින් යුතුව සිටියහ. ඒ නිසාම ඔවුන් කිසිවෙක් මරණයට පත් වන්නේ ද නැත. පක්ෂියා ඔවුනට පහර දුන්නත් ඒ ප්‍රහාරය වඩාත් භයානක වන්නට පුළුවන්කමක් ද නැත.   


අමෘතය රැක ගන්නට පේළි සෑදී සිටින දෙවිවරු දෙස ගරුඬා වුවමනාවෙන් බැලුවේය. ඔහුට මේ එකඳු දෙවියෙකු වත් තර්ජනයක් සේ පෙනුණේද නැත.   


එහෙත් ඉන්ද්‍ර, මහා හඬින් ”පහර දෙනුයි” පැවසූ විට නම් දෙවිවරුන්ටද කිසියම් ශක්තියක් ඇතැයි ගරුඬාට හැඟිණි.   


මිනිත්තු කිහිපයක් ගතව ගියේය. දෙවිවරු සිතු​වේ මේ කුඩා පක්ෂියා තමන්ගේ ආයුධ දුටු විට බයේ ගැහෙන්නට පටන් ගනිතැයි කියාය. එහෙත් ඊළඟ මොහොතේ ගරුඬා මෙතෙක් සිටි ව්‍යාජ වේශය අත් හැර පහර දීමට තමන්ගේ සැබෑ ස්වභාවයට පත් විය.   


ඌ අතිශය යෝධ සත්වයකු ලෙසට පත් වූවා පමණක් නොව මුළු ශරීරයෙන්ම බලගතු ආලෝකයක් ද මුදාහැරියේය.   


හැම දෙවි කෙනෙකුම මේ ආලෝකය දෙස බැලුවේ විමතියෙනි.   


එවිටම එක් වරම පහතට පියෑඹූ ගරුඬා උගේ එක් කකුලකින් දෙවිවරු රොත්තක්ම අල්ලා ගත්තේය. ඒ ගැම්මටම මේ දෙවිවරු සමූහය ඈතට විසි කර දැමූ විට ආරක්ෂක රේඛාවේ ඉතිරි වූයේ දෙවිවරුන් පනස් දෙනෙකු පමණි. අනෙක් දෙව්වරුනට සිදු වූ විපත දුටු ඉතිරි වූ දෙවිවරු ද පසු නොබලා දුවන්නට පටන් ගත්හ.   


ඉන්ද්‍ර දෙගිඩියාවට පත් විය. බියට පත් දෙවිවරු හිස් ලූ ලූ අත දුවන අයුරු ඔහු බලා සිටියේ කනගාටුවෙනි.   


සියලු දෙවිවරු පළා ගිය පසුව ගරුඬා අමෘත බඳුන සොයන්නට පටන් ගත්තේය. ඔහුට ඉදිරියෙන් එක් වරම ගිනි ජාලාවක් පැන නැගුණ අතර එම ගිනි ජාලාව ගිනි වළල්ලක් සේ ඇවිළිණ. එක් වරම හට ගත් බැවින් ගිනි රස්නයට ගරුඬාගේ සිරුරේ වේදනාවක් හට ගත්තේය.   


“මට වතුර ඕනෑ වෙයි.”   


ගරුඬා තමන්ටම කියා ගත්තේය. ඉනික්බිති ඌ අතිවිශාල මුහුණු අසූ දහසක් මවා ගත්තේය. පෘථිවිය බලා පියාඹා ගිය ගරුඬා විසල් ගංගාවක තිබූ සියලුම වතුර අර කටවල් අසූ දහසට පුරවා ගත්තේය. ඌ යළි දිව්‍ය ලෝකයට පැමිණි අතර ඒ වන විටත් අර ගිනි වළල්ල කිසිදු අඩුවක් නොමැතිව ඇවිළෙමින් තිබිණි.   


ගෙනා වතුර ගිනි වළල්ලට දමා ගින්න නිවා දෙවැනි ආරක්ෂක වළල්ලෙන් පැන ගත් ගරුඬා යළිත් අමෘත බඳුන සෙව්වේය. එවිට ඔහු දුටුවේ වේගයෙන් කැරකැවෙන ලෝහ රෝද දෙකකි. වේගයෙන් කැරකෙන බැවින් ඒ අතරින් අමෘත බඳුන ගැනීමට කිසිම ක්‍රමයක් නොවීය. ගරුඬා දෙතුන් වරක්ම උත්සාහ ගත්තත් එය කළ ​ෙනාහැකි කාර්යයක් විය. ලෝහ රෝදවලට තියුණු සැතක් සවි කර තිබුණෙන් ඊට අසු වන ඕනෑම දෙයක් වැදුණු සැණෙකින් කැපී වැනසී යන්නේමය.   


“මගේ ශරීරය ලොකු වැඩියි.” ගරුඬා තමන්ට කියා ගත්තේය.   


ඊළඟ මොහොතේ තම ශරීර ප්‍රමාණය මදුරුවකුගේ ශරීර ප්‍රමාණය දක්වා කුඩා කර ගත් ගරුඬා අර කැරකැවෙන තියුණු පිහි තල බඳු ලෝහ රෝද අතරින් ඇතුළට රිංගන්නට උත්සාහ ගත්තේය. 

 
විෂ ඝෝර සර්පයන් දෙදෙනෙක්, එතුළට මදුරුවෙකුටවත් ඇතුළු වන්නට නොදී අමෘත බඳුන සුරකින හැටි ගරුඬාගේ තියුණු දෙනෙතට හදිසියේම පෙනිණි. වහා ක්‍රියාත්මක වූ ගරුඬා තම පියාපත් ගසා දූවිලි සහ අළු ඇවිස්සුවේය. අළු සහ දුවිලි අවට පැතිර යද්දී සර්පයන් අල්ලා ගත් ගරුඬා උන් දෙදෙනා ද මරා දැමුවේය.   


දැන් ඉතින් සියලු බාධක ජය ගෙන අවසානය. අමෘත බඳුන වෙත ගොස් එය තම පා සඟළින් අල්ලා ගත් ගරුඬා තම සිරුරේ ප්‍රමාණය මඳින් මඳ විශාල කර ගත්තේය. අමෘත බඳුන ඔසොවා ගන්නට පමණක් ප්‍රමාණවත් තරමට විශාල කර ගත් ශරීරය අර කරකැවෙන ​​ලෝහ රෝද අතරින් පිටතට ගත් ගරුඬා සැනසුම් සුසුමක් හෙලුවේය.   


“දැන් ඉතින් මගේ අම්ම මෙහෙකාර සේවයෙන් නිදහස්. අම්මා පමණක් නොව මාත්.”   


ගරුඬා කාද්රූගේ නිවහන බලා පියාසර කරන්නට පටන් ගත්තේය.   

 

 

ගරුඬා කාද්රුගේ නිවෙස වෙත පියාඹන්නට පටන් ගත්තේය. එක්වරම ගරුඬා ඉදිරියට පැමිණි ඉන්ද්‍ර ඔහු හා සටනට සූදානම් වූයේය. අමෘත බඳුන සර්පයන්ට හිමිවීම වැළැක්වීම සඳහා ඉන්ද්‍ර කුමන පියවරක් අනුගමනය කරනු ඇද්දැයි ගරුඬා නොදැන සිටියේය. එහෙත් තම ආරක්ෂාව වෙනුවෙන් ඉන්ද්‍ර හා සටන් කිරීමට ගරුඬා තීරණය කළේය.   


නමුත් ඉන්ද්‍ර සතුව ඇති වජ්‍රායුධය යනු බොහෝ බලසම්පන්න ආයුධයකි. මෙයින් එල්ල ​ෙවන පහරකින් බේරී සිටීම පහසු කාරණයක් නම් නොවේ.   


ගරුඬා ඉදිරියට පැන ගත් ඉන්ද්‍ර ඔහුගේ ඇඳුමෙහි වූ කොපුවෙන් වජ්‍රායුධය එළියට ඇදගත්තේය. එය ගරුඬා වෙත එල්ල කර පහර දුන් විට සිදුවූයේ ගරුඬාගේ එකම එක පිහාටුවක් පමණක් ගැලවී උගේ පාමුලට වැටීමය.   

 

 


​ෙම් සියලු සිදුවීම් දෙස බලා සිටි විෂ්ණු, ගරුඬා ඉදිරියේ පෙනී සිටියේය. ඔහුට අවශ්‍යව තිබුණේ ගරුඬාගේ අතින් අමෘත බඳුන ලබා ගැනීමට නොවේ. ගරුඬාගේ හපන්කම් වලට ප්‍රශංසා කිරීමටය.   
“ගරුඬා නවතින්න.”   


විෂ්ණු කීවේය.   


වහා නතර වුණු ගරුඬා දුටුවේ කාලවර්ණ කඩවසම් දෙවියන්ය.   


විෂ්ණු ගරුඬා වෙත හෙළුවේ සංසුන් බැල්මකි.   


වහා හිස පහත් කළ ගරුඬා බොහෝ ගරු සරු ලෙස විෂ්ණුට කථා කළේය.   


“උතුමාණනි.”


විෂ්ණු හිනැහුණේය.   


“ගරුඬා ඔබ කළ සියලුම දේවල් මම බලාගෙනයි හිටියේ. මම අතිශයින්ම පැහැදුණා ඔබේ දක්ෂතාවය ගැන. මට ඔබේ ඒ හැකියාවට ප්‍රශංසා කරන්න අවශ්‍යයි.”
ගරුඬාට සතුටු හිතිණි.   


“ඔබට දීර්ඝායුෂ වේවා උතුමාණනි!”   


ඔබ බොහෝම අපූරු මැජික්කාරයෙක්. මම කැමැතියි නැවත වරක් ඔබ පුංචිම පුංචි වෙන හැටි බලන්න.   


දඟකාර සිනාවකින් මුව සරසා ගත් ගරුඬා සිය සිරුර පුංචිම පුංචි කර ගත්තේය.   


විෂ්ණු එදෙස බලා සිටියේ සතුටිනි. ඔහුගේ මුහුණේ කෙළිලොල් සිනා රැල්ලක් රැඳී තිබිණි.   


“උතුමාණෙනි ඔබ හරිම මිත්‍රශීලියි, කරුණාවන්තයි පවසන්න ඔබට මගෙන් විය යුතු යම් සේවයක් පිළිබඳව.”   


ගරුඬා සිය ස්වභාවික පෙනුමට හා ප්‍රමාණයට පැමිණ පැවසුවේය.   


“මට ඔබේ සේවය අවශ්‍යයි. මගේ සියලු ගමන් බිමන්වලදී ඔබ මගේ වාහනය ලෙස සිටිනු දැකීමයි මගේ පැතුම.”   


ගරුඬා සිනාසුණේය.   


“ඔබ වෙනුවෙන් සේවය සැලසීමට මා හැම විටම සූදානම් උතුමාණෙනි. නමුත් පළමුව මා භාර ගත් කටයුත්ත අවසන් කළ යුතුයි. මේ අමෘත බඳුන සර්පයන් වෙත දී මමත් මගේ මවත් මෙහෙකාර සේවයෙන් නිදහස් විය යුතුයි. ඉන් පසුව මා ඔබේ සේවයට පැමිණෙන්නම් උතුමාණෙනි”  ගරුඬා කීවේය.


“එසේ නම් ගිහින් එන්න” විෂ්ණු කීවේ මඳ සිනා රැල්ලකින් දෙතොල සරසාගෙනය.   


ගරුඬා කාද්රුගේ නිවෙස වෙත පියාඹන්නට පටන් ගත්තේය. එක්වරම ගරුඬා ඉදිරියට පැමිණි ඉන්ද්‍ර ඔහු හා සටනට සූදානම් වූයේය. අමෘත බඳුන සර්පයන්ට හිමිවීම වැළැක්වීම සඳහා ඉන්ද්‍ර කුමන පියවරක් අනුගමනය කරනු ඇද්දැයි ගරුඬා නොදැන සිටියේය. එහෙත් තම ආරක්ෂාව වෙනුවෙන් ඉන්ද්‍ර හා සටන් කිරීමට ගරුඬා තීරණය කළේය.   


නමුත් ඉන්ද්‍ර සතුව ඇති වජ්‍රායුධය යනු බොහෝ බලසම්පන්න ආයුධයයි. මෙයින් එල්ල වන පහරකින් බේරී සිටීම පහසු කාරණයක් නම් නොවේ.   


 ගරුඬා ඉදිරියට පැන ගත් ඉන්ද්‍ර ඔහුගේ ඇඳුමෙහි වූ කොපුවෙන් වජ්‍රායුධය එළියට ඇදගත්තේය. එය ගරුඬා වෙත එල්ල කර පහර දුන් විට සිදුවූයේ ගරුඬාගේ එකම එක පිහාටුවක් පමණක් ගැලවී උගේ පාමුලට වැටීමය.   
සිදු වූ දෙය ඉන්ද්‍රගේ විමතියට හේතු විය.   


​ෙමතෙක් කලකට කිසිම සතුරෙක් වජ්‍රායුධයෙන් පහර කා ජීවත් වූයේ නැත. එසේ නම් ගරුඬා තමන්ටත් වඩා බොහෝ බලගතු තැනැත්තෙකි.   


ඉන්ද්‍ර හිනැහුනේය.


“ගරුඬා ඔබ බොහෝ යහපත් කෙනෙක්. ඔබ අතින් කිසිවෙකුටත් හානියක් කරදරයක් පීඩාවක් සිදු වන්නේ නැහැ. ඒ නිසා විය යුතුයි ඔබ බොහෝ ශක්තිමත් ඔබ සමග සටන් කර දිනුමක් ලබා ගැනීම අපහසුයි. මා හදන්නේ ඔබ හා සටන් කිරීමට නොවෙයි මිත්‍රත්වයේ දෑත වැළඳ ගැනීමටයි.”   


ගරුඬා ඉන්ද්‍රගේ දෑස දෙස බැලුවේ විමසිල්ලෙනි. ඔහු මේ කියන්නේ සැබෑවටම ද නොඑසේ නම් තමන් මුලා කරනු පිණිස දැයි හරි හැටි වටහා ගැනීම ගරුඬාගේ ​අපේක්ෂාව විය. 

 
“ගරුඬා මගේ වජ්‍රායුධය පවා ඔබ ඉදිරියේ ක්‍රියාත්මක වූයේ නැහැ. කරුණාකර මට කියන්න. ඔබ කො​ෙහාමද මේ තරම් ශක්තිමත් වුණේ කියා?” ඉන්ද්‍ර යළිත් කීවේය.   


ගරුඬා සිනාසුණේය.   


“මිතුරාණනි, මගේ එක් පිහාටුවක් වුවත් මේ මුළු පෘථිවියටම වඩා ශක්තිමත්.”


“ගරුඬා මා දන්නවා ඔබ ඔය අමෘත බඳුන රැගෙන යන්නේ සර්පයන්ට දීමට බව. ඔබේ අරමුණු ඔබේත් මවගේත් නිදහස ලබා ගැනීම එහෙම නේද?”   


ඉන්ද්‍ර අැසුවේය. සර්පයන්ට අමෘතය ලබාදීම මගින් ඔබටත් ඔබේ මවටත් නිදහස ලැබේවි. නමුත් ඉන් පසු ඔවුන් අමෘත පානය මගින් ජවය ලබා ගත් පසු මිනිසුන්ට හිංසා පීඩා කිරීමට දෂ්ට කිරිමට පටන් ගනිවි. එමගින් ලෝකයට සිදු වන හානිය බරපතළයි.   


ගරුඬා නිහඬවම ඉන්ද්‍රගේ ප්‍රකාශය පිළිබඳව කල්පනා කළේය.


ඉන්ද්‍ර කියන්නේ සැබෑවක්. සර්පයන් යනු කිසිම කරුණාවක් දයාවක් නැති පිරිසක් බව කාද්රූගේ සර්ප දරුවන්ගෙන්ම තේරුම් ගත්තා.   


“ඔබේ තර්කය නිවැරැදියි” ගරුඬා ඉන්ද්‍රට පැවසුවේය.   


“එසේ නම් මිත්‍රය මා ඔබට යෝජනාවක් ගෙනෙන්නම්. ඔබ විසින් සර්පයන්ට ලබාදිය යුත්තේ අමෘත බඳුන පමණයි. එහි අමෘතය තිබිය යුතු නැහැ.


“මම ඔබ සමග එකඟ වෙනවා. දෙවරක් නොසිතාම” ගරුඬා පැවසුවේය.


“මම ඔබට ස්තූතිවන්තවෙනවා. ඔබේ මිත්‍රත්වය ​ෙවනුවෙන් මම සදාකාලිකව කෘතගුණ දක්වනවා” ඉන්ද්‍ර කීවේ ඇඬෙන්නට කිට්ටු හඬකිනි.   


අැත්තෙන්ම ඒ මොහොතේ ගරුඬාගේ හිතේ සර්පයන් ගැන පැවැතියේ කෝපයකි.  උන් තම මවගෙන් ගත් අසීමිත වැඩ කන්දරාව ගැන ගරුඬා සිහිපත් කළේය. මෙලහකටත් තම මව ඔවුන්ගේ බැල මෙහෙවර වෙනුවෙන් දහදිය මුගුරු හෙළනවා ඇත. අමෘතය නැති හිස් බඳුනක් ලබාදීමෙන් මේ නපුරු සර්පයන්ට හොඳ පාඩමක් ඉගැන්වීමට හැකි වීමද සතුටට කරුණකි.   


“මට ඕනෑ මේ සර්පයන්ට මගේ ස්වභාවික ආහාරය දීමටයි.” ගරුඬා ඉන්ද්‍රට පැවසුවේය.   


ඉන්ද්‍ර සතුටින් ප්‍රමුදිත විය.   


අමෘත බඳුනෙන් අමෘතය ඉවත් කර ඉන්ද්‍රට බාර දුන් ගරුඬා කාද්රූගේ නිවහනට ගියේය.   


අමෘත බඳුනත් රැගෙන තමන් වෙත එන ගරුඬා දුටු පමණකින් සර්පයෝ සතුටට පත් වූහ.   


“මේ මොහොතේ පටන් ඔබේ මවත් ඔබත් අපේ මෙහෙකාර සේවයෙන් නිදහස්” සර්ප සහෝදරයෝ ප්‍රීතියෙන් පැවසූහ.   


ගරුඬා සිය මෑණියන් වැළඳ ගනිද්දී ඇගේ ඇස්වල කඳුළු පිරිණි.   


“ඔබ කෙසේ හෝ මාව මෙහෙකාර සේවයෙන් නිදහස් කර ගන්නා බව මා දැන සිටියා” ගරුඬාගේ මව කීවේ හැඬූ කඳුළෙනි.   


ඉනික්බිති සර්පයන් වෙත හැරුණු ගරුඬා හීන් හඬින් මෙසේ කීවේය. දෙවියන්ගේ අමෘත පානයේ රස බැලීමට නම් පළමුව ගඟට ගොස් හොඳින් ස්නානය කර පිරිසිදු වී පැමිණිය යුතුයි. අමෘතයේ රස බැලීම සඳහා නොඉවසිල්ලෙන් සිටි සර්පයෝ ගඟට බඩ ගා ගියහ.


ඒ අතරවාරයේ එතැනට පැමිණ ඉන්ද්‍රගේ සුරතෙහි තියුණු කුස තණ පතක් විය.   


අමෘත බඳුන සුරතින් ගත් ඉන්ද්‍ර, එය තුළට කුස තණ පත දමා අමෘත බිංදුවක් අරගත්තේය. සර්පයන් එකිනෙකා පැමිණ දිව දික් කළ පසු ඉන්ද්‍ර කුස තණ පත සර්පයන්ගේ දිව හරහා ඇදගෙන ගියේය. එවිට හැම සර්පයෙකුගේම දිව දෙකට පැළුණි.   


දෙවියන්ගේ පානය ඉල්ලා සිටි සර්පයන්ට කදිම පාඩමක් ඉගැන්වීමෙන් සතුටු වූ ගරුඬා විෂ්ණු උතුමාණන් හමුවීමට ගොස් ඔහුගේ වාහනය ලෙස සේවය කිරීමට පටන් ගත්තේය.   

 

 

 

 

 


ශාන්ත කුමාර විතාන