ලග්නයට නොහොත් පළමුවැන්නට ගුරු නොහොත් බ්‍රහස්පති සහ බුධ ග්‍රහයන් දෙදෙනා ඉතා බලවත් වෙයි. මොවුන් දිග් බල ග්‍රහයන් ලෙස සැලකෙයි. මෙම දෙදෙනාගෙන් එක් ග්‍රහයකු ලග්නගතව සිටීම ඉතා ශුභයි.
බුධ ග්‍රහයා බුද්ධියටත් ඥාණයටත් අධිපති වෙයි. ග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහයාද බුධ වෙයි. බුධ තමාට සංයෝග වූ අනෙක් ග්‍රහයන්ගේ ගතිගුණ ද ගනී. ඉගනීම් කටයුතුවලට පොත් පත් ලිපිලේඛන වැඩවලටද ග්‍රන්ථකරණයට ද මාධ්‍යවේදි ක්‍රියාකාරකම්වලට ද කථා වට ද සංගීත කලා කටයුතුවලට ද බුධ බලවත් වෙයි. එසේම බුධ ග්‍රහයා බලවත් වීෙමන් ගණිත මිණිත විෂයන්ටද දක්ෂ වේ.
ලග්නය යනු මිනිසාගේ හිස වෙයි. මින් හොඳ මොළයක් ඇතිවෙයි. විශේෂයෙන් බුධ සිටීමෙන් ගුරු ග්‍රහයාද ලග්නගතවීමෙන් ධාර්මික ඇවතුම් පැවතුම් ඇති තැන්පත්වූ ඥාණවන්ත පුද්ගලයකු බවට පත් වෙයි. ගුරුට “සුරගුරු” යනුවෙන් ද ජ්‍යෙතිෂවේදයේ හඳුන්වනු ලබයි. ජන්මියාගේ දියුණුව ,ප්‍රඥාව, විශ්වාසවන්තකම, ගෞරවය රැකගැනීම සෘජු බව සමජයේ ඉහළින් පිළිගැනීම උසස් ගුණධර්මවලින් යුක්තවීම ගුරුගෙන් අනාවරණය වෙයි.
බුධ ග්‍රහයාට මිථුන රාශියේ ස්වක්ෂේත්‍ර වෙයි. කන්‍යා රාශියේ උච්ච බලයත් ස්වක්ෂේත්‍ර වෙයි. කන්‍යා රාශියේදී උච්ච බලයත් ස්වක්ෂේත්‍ර බලයත් දෙකම ලැබෙයි. ගුරු ග්‍රහයාට කටක රාශියේ උච්ච වන අතර ධනු මීන රාශිදෙක ස්වක්ෂේත්‍ර වෙයි.
බුධ ග්‍රහයා මිථුන රාශිගතවීමෙන් අමෘත යෝගය යෙදෙයි. පුළුල්ව යමක් සිතා වගා කිරීමට මින් හැකියාව ඇති කරයි. උගත් ඇසූ පිරු තැන් ඇති අයකුගේ ගතිඉරියව් හා හැකියාවන්ගෙන්ද යුක්තයි. රූපලාවන්‍ය නිර්මාණකරණය, ග්‍රන්ථකරණය, කථිකත්වය බුධ මිථුන රාශියේ සිටීමෙන් ලබා දෙයි. බුධ කන්‍ය රාශිගතව සිටීමෙන් විදුරවි යෝගය යෙදෙයි. ඥාණ ශක්තිය ධාරණ ශක්තිය හොඳින් පවතී. විවිධ භාෂාවන් ඉගනීමට දක්ෂ වෙයි. විදුරවි යෝගය යෙදී ඇති උදවිය සිත දියුණු කර ගනිති.
ගුරු කටක රාශියේ සිටීමෙන් ජයසිඳු යෝගය උදා වෙයි. සිත්ගන්නා ගති ඉරියව් ප්‍රදර්ශනය කරයි. රූපය ලස්සන වෙයි. කිසිවකුට හතුරුකම් නොකරයි. ඉගනීමට ධනය ලැබීමට ගුරු කටකයේ සිටීම ඉතා ශූභයි. ගුරු ධනු රාශිගතව සිටීමෙන් “රණහංස” යෝගය යෙදෙයි. වැඩ කටයුතු ක්‍රමානුකූලව කර ගනී. ගුණයහපත්කමට ප්‍රධානත්වය දී කටයුතු කරයි. ආලය ප්‍රේමය වැනි කටයුතුවලට කැමැතියි. දේපළ ලබයි. වාසනාවන්ත දරුවන් ලබයි. ගුරු මීන රාශියේ දී “භූමිපාල ” යෝගය යෙදේ. භූමිලාභ ලබයි. වාසනාවන්ත දරුවන් ලබයි. අහංකාර අාඩම්බර ගතියක් නැත. ඉගනීමට දක්ෂයි. උසස් රැකියාවල නිරත වෙයි. බුධ හා ගුරු කේන්ද්‍රයේ පිහිටි අයුරු බලා ඔවුන් නීච සතුරු රාශිගතව පාප ග්‍රහයන් සමග සංයෝගවීම හෝ පාප දෘෂ්ඨී ලක් වීම තුළින් බලවත් බවක් ඇති නොවෙයි.
මීරිගම විද්‍යාල මාවතේ ජ්‍යෙතිෂවේදී
ආර්.ඇම්.ටී.බී. රත්නායක
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කේන්ද්‍ර සටහනේ ලග්නයට නොහොත් 1 වැන්නට බලවත් වන ග්‍රහයින්