අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2019) විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ මෙම 28 වැනිදා සිට නොවැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම ප්‍රායෝගික පරීක්ෂණවලට අපේක්ෂකයන් 174,778ක් පෙනී සිටින අතර පරීක්ෂණ මණ්ඩල 1295 කදී ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ.
පෙරදිග සංගීතය, අපරදිග සංගීතය, කර්ණාටක සංගීතය, දේශීය නැටුම්, භරත නැටුම්, නාට්‍ය හා රංග කලාව (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) යන විෂයවලට මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන අතර අවසාන ප්‍රතිඵල නිර්ණය කිරීමේදී ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණ යන කොටස් දෙකේම ලකුණු උපයෝගී කරගන්නා බව එම කොටස් දෙකටම පෙනී සිටීම අනිවාර්ය බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පාසල් අයැඳුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයඳුම්පතේ සඳහන් කර ඇති ලිපිනයට ද තැපැල් කර යවා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
පාසල් ප්‍රධානීන් වෙත හා පෞද්ගලික අයඳුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රවල විෂය සංශෝධන, මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධන වේ නම් වහාම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත ඉදිරිපත් කර ඒවා සංශෝධන කරවා ගත යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ප්‍රවේශ පත්‍ර නොලැබුණු විදුහල්පතිවරුන් තම පාසල් අංකය, පාසලේ නම, ලිපිනය සහ අදාළ තොරතුරු ද, පෞද්ගලික අයඳුම්කරුවන් නම සහ ලිපිනය, විභාග අංකය, සෞන්දර්ය විෂය ආදී තොරතුරු ද “විභාග කොමසාරිස් ජෙනරාල්, පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්මේන්තුව, තැ.පෙ 1503, කොළඹ” යන ලිපිනයට තැපෑලෙන් හෝ පැමිණ හෝ දැන්විය යුතු බවත්, විදුහල්පතිවරුන් හා පෞද්ගලික අයඳුම්කරුවන් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මේ සම්බන්ධයෙන් 011 2 784 208 සහ 011 2 784 537 යන දුරකතන අංකවලින් වැඩිදුර විස්තර ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
055
2025 දෙසැම්බර් මස 04
567
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
494
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සා.පෙ ප්‍රායෝගික පරීක්ෂණ 28 වැනිදා ඇරඹේ