(ප්‍රින්ස් රත්නායක)
සබරගමුව පළාත තුළ විදුහල්පති පුරප්පාඩු සපුරමින් පාසල් 160 ක් සඳහා නව විදුහල්පතිවරුන් පත්කිරීමට සබරගමුව පළාත් සභාව පියවර ගෙන ඇත.
සබරගමු පළාතේ විදුහල්පති පුරප්පාඩු 340 ක් පැවති බවද, පසුගිය කාලයේ පැවති විදුහල්පති විභාග අනුව ලැබූ ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සුදුස්සන් 160දෙනෙකු තෝරාගෙන ඇති බවද සබරගමුව පළාත් අධ්‍යාපන සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සනත් වීරසූරිය මහතා පැවසීය.
එළඹෙන සතිය තුළ සුදුසු පාසල්වලට මෙම විදුහල්පතිවරුන් පත්කිරීමට නියමිත බවද, අදාළ කැඳවීම් ලිපි මේ වන විට තැපැල් කර ඇති බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd