IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සාදයක් පැවැත්වීමට සංගීත උපකරණ දුන් දෙදෙනාට ඇප

බිමල් ශ්‍යාමන් ජයසිංහ 


මොරොන්තුඩුව කෝපියාවත්ත ප්‍රදේශයේ තරුණ පිරිසකට සාදයක් පැවැත්වීම සදහා සංගීත උපකරණ සැපයූ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අද (26) පානදුර අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ති සිල්වා මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කලාය.

මොරොන්තුඩුවේ පදිංචි එම සැකකරුවන් දෙදෙනා ඇතුළු ඔවුන්ගේ  පවුල්  දෙකේ සාමාජිකයන් දින 21 කාලයක් නිරෝධනය සදහා යොමු කරන ලෙසද මහේස්ත්‍රාත් වරිය වැඩි දුරටත් නියෝග කලාය.

තරුණ පිරිසක් කෝපියාවත්ත ප්‍රදේශයේ මාර්ගයේ අධික ශබ්දයෙන් යුත්  බෆල් යොදාගෙන සෞඛ්‍ය උපදෙස්  නොතකමින් නර්තනයේ යෙදෙන බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව ඊයේ රාත්‍රියේ වැටලීම කළ බව පොලිසිය අධිකරණයට දැන්වීය.

මෙම ස්ථානය වටලන අවස්ථාවේදී පලා ගිය සෙසු සැකකරුවන් පිරිස වීඩියෝ දර්ශන ඔස්සේ අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය අධිකරණයට වැඩි දුරටත් දැන්වීය .

මොරොන්තුඩුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලුම් සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්විණි .



අදහස් (0)

සාදයක් පැවැත්වීමට සංගීත උපකරණ දුන් දෙදෙනාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site