(ඩී.ජී.සුගගතපාල)
ඉකුත් දින කිහිපය තුළ ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලුණ ධාරාණිපාත වර්ෂාව නිසා පීඩාවට පත්වු ජනතාවට සහන සැළසිම වෙනුවෙන් රුපියල් මිලියන එකොළහක මුදලක් ප්‍රාදේශිය ලේකම්වරුන්ට ලබාදි ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරි කාර්යාලය පවසයි.
දියේ ගිලි මියගිය වඳුරඹ පුද්ගලයාගේ සහ ඇල්පිටියේ පාසල් සිසුවාගේ මරණ සඳහා රුපියල් ලක්ෂය බැගින් ලබාදි ඇති අතර අනෙකුත් මුදල් පිඩාවට පත්වු ජනතාවට පිසු ආහාර ලබාදිම වියලි සලාක ලබාදිම හානිවු නිවාස සඳහා වන්දි ලබාදිම ඇතුලු සහන සේවා කටයුතු වෙනුවෙන් වැය කරනු ඇත.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 19 න් තවලම,හබරාදුව,නාගොඩ,කඩවත් සතර,ඉමදුව,ඇල්පිටිය,වැලිවිටිය දිවිතුර, අක්මීමණ, නියාගම, යක්කලමුල්ල, බෝපෙ පෝද්දල,කරන්දෙණිය,බෙන්තොට,හික්කඩුව ,බද්දේගම, යන කොට්ඨාස පහලොවේ පවුල් 4302 කට අයත් පුද්ගලයින් 16604ක් පීඩාවට පත්ව ඇත.නිවාස 19ක් පූර්ණ හානියට පත්ව ඇති අතර නිවාස 907ක් අර්ධ හානියට පත්ව ඇත.
හානිවු නිවාස වෙනුවෙන් වන්දි ලබාදෙන තුරු අත්තිකාරම් ලෙස රුපියල් දස දහසක මුදලක් පළමුවෙන්ම ලබාදෙන බවද ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වැස්සෙන් විපතට පත් වු ගාල්ලේ ජනතාවට සහන සළසන්න මිලියන 11ක්