IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


විශ්වීය භික්ෂු සම්මේලනයේ කමිටු දිවයින පුරා පිහිටුවීමට යයි

(බිඟුන් මේනක ගමගේ) 

විදේශයන්හි වැඩසිටින ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පිහිටුවා ඇති සංවිධානයක් වන විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනයේ කමිටු දිවයින පුරා පිහිටුවන්නේ යැයි එහි සභාපති මහලේකම් ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක හිමියෝ ‘ලංකාදීප’ යට පැවසූහ. 

ආරම්භක පියවරක් වශයෙන් ගාල්ල, මාතර, කළුතර, රත්නපුර හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක පහේ පළමු දිස්ත්‍රික්ක කමිටු පහ පිහිටුවන්නේ යැයි ද සෑම ශාසනබල මණ්ඩලයක්ම නියෝජනය වන පරිදි එහි කාරක සභාව සකසන්නේ යැයි ද ධම්මාලෝක හිමියෝ පැවසූහ.

ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම කටයුතු දේශීය වශයෙන් සිදුවන්නේ යැයි කී උන්වහන්සේ ජාත්‍යන්තර වශයෙන් බෞද්ධයන් අතර ඇති සම්බන්ධතා ජාල පාවිච්චි කරගනිමින් සිංහල බෞද්ධයන් නගාසිටුවීම එහි අරමුණ යැයි අවධාරණය කළහ.

නිකාය භේදයකින් තොරව දියත් වන මෙම ව්‍යාපෘතිය මගින් දුප්පත්කමින් පීඩාවට පත්ව සිටින සාමණේර හිමිවරුන්ගේ පවුල්වලට ද උගෙනීමට දක්ෂ භික්ෂූන් වහන්සේලාගේ උසස් අධ්‍යාපන කටයුතුවලට අතහිත දීම සිදුවන්නේ යැයි තුන්හිටියාවේ ධම්මාලෝක හිමියෝ පැවැසූහ. 

විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනයේ (GABS) දෙවැනි සමුළුව ප්‍රංශයේ පැරිස් නුවරදී පසුගිය සැප්තැම්බර් 19 , 20 , 21 තෙදින පුරා පැවැත්වුණු අතර රටවල් 33කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් විදේශගත ධර්මදූත සේවයේ නිරත නාහිමිපාණන් වහන්සේලා හා විහාරාධිපති භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඊට සහභාගී වූහ. 

 

 



අදහස් (1)

විශ්වීය භික්ෂු සම්මේලනයේ කමිටු දිවයින පුරා පිහිටුවීමට යයි

සියඹලාපේ සුමංගල හිමි Wednesday, 04 December 2019 03:41 PM

පිංවත් අති ගෞරවනීය ස්වාමීන් වහන්ස, මා දෙල්ගොඩ උඩුපිල දහම් මැදුර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින හිමි නමකි. දැනට මා ප්‍රාචීන අවසාන පණ්ඩිත උපාධිය හදාරමින් සිටියි. පහු ගිය වසර හා මෙම වසරේදී ජපානය හා ප්‍රංශය දායක වෙමින් පැවති විශ්වීය භික්ෂූ මහා සම්මේලනයේ සම්පූර්ණ වැඩසටහන ලංකාවේ සිට නැරඹුවෙමි. ඒ වැඩසටහන්වලදී ශ්‍රී ලංකාවේ උන්නතිය හා බෞද්ධ උරුම ආරක්ෂා කරගැනීම හා වැඩි දියුණු කර ගැනීම උදෙසා අත්‍යාවශ්‍ය කරන අනුශාසනා බොහෝමයක් තිබිණ. එම අනුශාසනා ක්‍රියාත්මක කිරීමට ගන්නා මෙහෙය මා පෞද්ගලිකව ප්‍රසංසා කරමි. මෙම වැඩපිලිවෙල දේශීය වශයෙන් ඉදිරියට කරගෙන යාම සදහා ලංකාවේ වැඩ සිටින මහා සඟරුවන සහ මාගේ නොමසුරු දායකත්වය ලබා දීමට කැමැත්තෙමි. තෙරුවන් සරණයි ....!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 87 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 927 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2546 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site