අනීෂා මානගේ
වලස්මුල්ල බෝවල ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ කාණුවක තිබී කුලීකම්කරුවකුගේ සිරුරක් අද(7) සොයාගත් බව වලස්මුල්ල පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වලස්මුල්ල බෝවල වලව්වත්ත ප්‍රදේශයේ පදිංචි එම්.පී.රත්නවීර(43) නම් අවිවාහකයකු බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයාගේ නිවෙසහි සිට මීටර 400ක් පමණ දුරින් කාණුවක තිබියදී මොහුගේ සිරුර අද උදෑසන ගම්වාසීන් විසින් සොයාගෙන වලස්මුල්ල පොලිසිය දැනුම්වත් කර ඇත.
මෙම පුද්ගලයා කුලී කම්කරුවකු වන බව පොලිසිය කියයි. මොහු මිය යෑමට හේතුව මෙතෙක් සොයාගෙන නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd