IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වරද පිළිගත් අයෙකුට වසර 7 ක සිරදඬුවමක්

(දිලීප් ජයසේකර)

බිරිඳ සමඟ අනියම් ඇසුරක් ඇතැයි සැක සිතා සිය බේකරියේ සේවය කළ අවිවාහක අයෙකුට පොල්ලකින් ගසා ඝාතනය කිරීමේ වරද පිළිගත් පුද්ගලයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා වසර හතක බරපතල වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 10,000 ක දඩ මුදලක් හා රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදලක් ගෙවන ලෙස අද (24) නියෝග කළේය.

මෙලෙස සිර දඬුවම් හා දඩ නියම වුයේ දෙබරවැව පදිංචි සුරිආරච්චිගේ ප්‍රියන්ත නැමති  47 හැවිරිදි තිදෙරු පියෙකුටය.

සැකකරු 2010 ජුනි මස 06 දින රාත්‍රියේ බීමත්ව පැමිණ සිය බේකරියේ සේවය කළ අවිවාහක පුද්ගලයෙකු වූ  වෙහෙරගල තිස්සමහාරාම පදිංචි සංජීව ෆොන්සේකා නැමති අයට පොල්ලකින් පහර දී තිබේ.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ මරණකරු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රථිකාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී 2010-06- 08 වන දින මරණයට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ තිස්සමහාරාම පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පසුව සැකකරුට එරෙහිව පැවති මූලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ අදිචෝදනා ගොනු කෙරුණි.

ඒ අනුව සැකකරුට එරෙහිව වසර 09 ක් තිස්සේ පැවති නඩු විභාගය අතරතුර සැකකරු වරද පිළිගැනීම හේතුවෙන් මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා සැකකරුට දඬුවම් නියම කෙරුණි‍.



අදහස් (1)

වරද පිළිගත් අයෙකුට වසර 7 ක සිරදඬුවමක්

යොවුන් පේමරත්න Monday, 28 October 2019 12:56 AM

ගැහැණුත් දැන ගන්න අවශ්‍යයි පිරිමින්ට සැක නොසිතෙන විදියට ජිවත් වෙන්න. එහෙම හැසිරුනා නම් තමන්ගෙ ස්වාමියාට එහෙමටම කේන්ති යන්නෙත් නැහැ. සැක සිතෙන්නෙත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site