IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


විදුහල්පතිනිය නිවැරදි බව මහාධිකරණය කියයි

(අජිත්ලාල් ශාන්තඋදය)

ස්ථානීය පරීක්‍ෂණයකින් පසු පදිංචියට හිමි ලකුණු අඩුකර ළමයා පළමුවන ශ්‍රේණයට නොගත් තම දියණිය කුරුවිට හිග්ගස්වත්ත ප‍්‍රාථමික විදුහලට ඇතුල් කරන්න ලෙස නියෝගයක් කරන්නැයි ඉදිරිපත් කළ රිට් පෙත්සමක් රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නිෂ්ප‍්‍රභ කිරීමට නියෝග කළේය.

පෙත්සම්කරු සඳහන් කරන ආකාරයට වගඋත්තරකාර විදුහල්පතිනිය, පෙත්සම්කරුගේ දියණිය ඇතුළත් නොකිරිමට ගෙන ඇති තීරණය දෝෂ සහිත බවක් හෝ අත්තනෝමතික බවක් පෙන්නුම් නොකරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

ඇය පෙත්සම්කරුට එරෙහිව ද්වේෂ සහගතව කටයුතු කර නොමැති බවත්, ඇගේ තීරණවල පරිපාලනමය හෝ නෛතික දෝෂ නොමැති බව පෙනී යන නිසා  පෙත්සම්කරුගේ ඉල්ලීම ප‍්‍රතිකේෂප කරන බවද මහාධිකරණ විනිසුරුවරාගේ නියෝගයේ සඳහන් වෙයි.

කුරුවිට, දෙල්ගමුව, සද්ධාතිස්ස මාවත, පළමු පටුමග, අංක 22/1 යන ලිපිනය සඳහන් කරමින් මනම්පේරි මුදියන්සෙලාගේ විරාජ් මනම්පේරි යන යන මෙම පෙත්සම 2018 ජූනි මස 13 දින ඉදිරිපත් කර තිබිණි. එකී පෙත්සම වසර එකහමාරක කාලයක් තිස්සේ විනිසුරුවරුන් දෙදෙනෙකු හමුවේ විභාගයට ගැණිනි.

සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සේපාල කුරුප්පු ආරච්චි, හිග්ගස්හේන කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනී කේ.ඒ. ශාන්ති කොඩිප්පිළි සහ රත්නපුර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ යන තිදෙනා පිළිවෙළින් පෙත්සමේ වගඋත්තරකරු‍වෝ වූහ.

කුරුවිට හිග්ගස්වත්ත ප‍්‍රාථමික පළමුවන ශ්‍රේණියට තම දියණිය ඇතුල් කිරීමට ඉදිරිපත් කළ ඉල්ලූම් පත‍්‍රයක්  ප‍්‍රතික්ෂේප කිරීමට එම විදුහලේ විදුහල්පතිනිය විසින් ගත් තීරණයක් ශුන්‍ය සහ බලරහිත කරන මෙන් ඉල්ලා සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස සහ පෙත්සම්කරුගේ දියණිය එම විදුහලට ඇතුළත් කරන ලෙස බලකරමින් එම විදුහල්පතිනියට මැන්ඩාමුස් ස්වභාවයේ පරමාධිකාරී නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

එහෙත් පෙත්සම්කරු අයදුම්පත‍්‍රයේ සඳහන් කළ ලිපිනයේ නොව කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නඩුකාරදෙණිය ග‍්‍රාම නිලධාරි වසමේ, පංසල අසල, වළඳුර යන ලිපිනයේ පදිංචිව සිටින බව වගඋත්තරකරුවන් අධිකරණයට සනාථ කර ඇති බව නියෝගයේ දැක්වේ.

දරුවා ඇතුළත් කිරීමේ අරමුණු ඇතිව අයදුම්පත‍්‍රයේ හන් ලිපිනයට ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කරගෙන ඇති බව වගඋත්තරකරුවන් සිය විරෝධතා වලින් මනාව තහවුරු කර ඇති බවත් පෙත්සම ඉදිරිපත් කරන විට දරුවා වළඳුර ධර්මපාල විද්‍යාලයට ඇතුළත් කර ඇති නිසාත් හිග්ගස්වත්ත ප‍්‍රාථමික විද්‍යාලයට දරුවා ඇතුළත් කිරිමට නියෝගයක් අවශ්‍ය නොවන බවද විනිසුරුවරයා සඳහන් කළේය.



අදහස් (0)

විදුහල්පතිනිය නිවැරදි බව මහාධිකරණය කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site