(ප්‍රින්ස් රත්නායක)
ඔක්තෝම්බර් පළමු වැනිදාට යෙදුන ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් ‘‘වියබල ප්‍රණාම සැමරුම් උළෙල‘‘ අද (10) බළන්ගොඩ ගෝලඩන් සන්සිටි උත්සව ශාලාවේදී මහත් හරසරින් පැවැත්විණි.
වැඩහිටි බලමණ්ඩල 53 ක 2000 ක් පමණ වැඩිහිටියන්ගේ ශිල්පීය නිපුණතා හැකියාවන් ඇගයීම සඳහා මෙම සැමරුම් උළෙල සංවිධානය කර තිබිණි.
බළන්ගොඩ ප්‍රාදේශිය ලේකම් එච්.එම්.එස් බණ්ඩාර මහතාගේ මගපෙන්වීමත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජ සංවර්ධන හා වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරී ඉසුරු උදයන්ත මහතාගේ මෙහෙයවීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
බෙලිහුල්ඔය සීලගම සීල සමාහිත යෝගාශ්‍රමවාසී ත්‍රිපිටක විශාරද ධම්ම ගවේශි රාජකීය පණ්ඩිත කන්දෙකුඹුරේ රාධ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් දහම් වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරිණි. විවිධ නිර්ණායක පදනම් කරමින් බළන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් හොඳම වැඩිහිටි බලමණ්ඩලය ස්ථාන තෝරා තිබුණ අතර පළමු ස්ථානය මැදබැද්ද සුචරිත වැඩිහිටි බලමණ්ඩලයත් දෙවන ස්ථානය බළන්ගොඩ නගර වසම එකමුතු වැඩිහිටි බලමණ්ඩලයත් , තුන්වන ස්ථානය ඇල්ලෙපොල සඟබෝ වැඩිහිටි බලමණ්ඩලයත් දිනා ගනු ලැබීය.
එම කණ්ඩායම් සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිත බවද ප්‍රාදේශිය ලේකම්වරයා සඳහන් කළේය.
වැඩිහිටි බලමණ්ඩල ගී තරු තොරා ගනිමින් ජයග්‍රාහක වැඩිහිටියන් දිරික් කිරීමට ද මෙහිදී පියවර ගෙන තිබුණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැඩිහිටි දිනය නිමිත්තෙන් බළන්ගොඩදී සැමරුම් උළෙලක්
Rata Perata Friday, 11 October 2019 06:17 AM
ඉතා හොඳ අගයකල යුතු වැඩක්.
මෝ Sunday, 13 October 2019 12:47 PM
හරිම හොදයි,හරිම ලස්සනයි,සියලු දෙනාම සතුටින් ජීවත් විය යුතුයි,ජීවිතය යන්තම් හෝ විදිය යුතුයි.මේ මෑනිවරුන් තම දරුවන් වෙනුවෙන් කෙතරම් දුක් ගිනි කන්දරාවක් දරලා ඇතිද?මුලු රට පුරාම මෙවැනි දේ සිදුවිය යුතුයි.