(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෙඩි ප්‍රහාර මධ්‍යයේ පලා ගිය සුඛෝභෝගී මෝටර් රථයක් පසු පස පැන් නූ පොලිසිය පන්නල නගරයේදී එය නවතා රියදුරු සහ කාන්තාවන් දෙදෙනකු ගිරිඋල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
එම පිරිමි පුද්ගලයා සන්තකයේ තිබී මත්ද්‍රවය සුළු ප්‍රමාණයක් පොලිස් භාරයට ගත් බව ද පොලිසිය කියයි.
ගිරිඋල්ල පොලිසිය මෝටර් රථය නැවතීමට කළ සංඥා නොතකා එය ඉදිරියට ධාවනය කර පලායාමේදි වෙඩි තබා ඇති අතර අනතුරුව පසුපස හඹා ගොස් පන්නල නගරයේදී ජීප් රථය සහ තවත් වාහන කීපයක් මග හරස්කර නවතා ගත් බව පොලිසිය කියයි
මෝටර් රථයේ පැදවූ රියදුරු මෝටර් රථයේ දොරවල් වසා මෝටර් රථය තුළට වී සිටියදී පොලිස් නිලධාරීන් ටී 56 ගිනි අවිය එල්ල කර වෙඩි තබන බව පැවසුවත් මෝටර් රථයේ දොරවල් විවෘත නොකිරීම හේතුවෙන් වීදුරු කඩා දොර විවෘත කළ බව පොලිසිය කියයි.
අනතුරුව රියදුරු සහ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් ඔවුන් ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය හැමෝටම සමයි
මත්ද්‍රව්‍ය ජාවාරමට අලුතින් එකතු වූ සමාජයේ හොඳ නමක් හදාගෙන ඉන්න දෙන්නෙක්වත්ද? තොරතුරු වමාරයි සවස් වෙනකොට.