පිරිසිදු පානීය ජලය හිඟ උතුරු නැගෙනහිර හා උතුරු මැද පළාතේ වෙසෙන ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීමේ ව්‍යපෘතියකට අත දීමට ලන්ඩන් නුවර පිරිසක් ඉදිරිපත්ව සිටිති. " සොඳුරැ සිතැත්තෝ" නමින් මිතුරු හමුවක් පිහිටුවා ගෙන ඒ මඟින් මුලාරම්භයක් ලෙස, මේ වනවිට විටත් රුපියල් ලක්ෂ 14 ක් පමණ වැයකොට එවැනි ජලය පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා තනිවම තම අනුග්‍රහය දක්වා තිබූ හිතමිතුරකුගේ නවතම ව්‍යාපෘතියක් සඳහා උදව් කිරීමට මෙම කණ්ඩායම  බලාපොරොත්තු වෙයි.

මෙම සත් ක්‍රියාව පිළිබඳව අදහස් දැක්වූ සොඳුරු සිතැත්තෝ කණ්ඩායමේ චන්දන ගුණසේකර මෙසේ කිවේය " කොළඹ ප්‍රධාන නාවික හමුදා කඳවුරේ ඉංජිනේරු අංශයේ ප්‍රධානියා වූ ඉංජිනේරු කපිතාන් දිසානායක මෙම ජල පිරිපහදු යන්ත්‍රයේ නිමැවුම්කරුවා වේ. එය ඔහුගේ නිර්මාණයකි. චීනයෙන් අවශ්‍ය කොටස් ගෙන්වා එය වැඩිදියුණු කොට සම්පූර්ණයෙන්ම නිමවනු ලබන්නේ ලංකාවේය.

ජල පිරිපහදු යන්ත්‍ර දෙවර්ගයක් ඔහු නිමවනු ලබයි. ට්‍රක් රථයකට සවි කළ ජංගම පිරිපහදු යන්ත්‍රයට ගමින් ගමට යා හැකිය. ළිඳකින්, ඇළකින් හෝ වැවකින් එයට ජලය පොම්ප කොට පිරිසිදු පානීය ජලය සැපයීමට ඇති හැකියාව එය සතුය.

අනෙක් යන්ත්‍රය නම් ගමක, තෝරාගත් තැනෙක, විශේෂයෙන්ම ගම හා පාසල මුල්කොට ස්ථීරවම ස්ථාපිත කරන ජල පිරිපහදු යන්ත්‍රයයි. මෙය තැනීමට පෙර ඒ සඳහා වූ යන්ත්‍රය තැබීමට සුදුසු බිම, මඩුවක් වැනි ආවරණ සහ නල පද්ධතිය වැනි යටිතල පහසුකම් සම්පාදනය හා ඉන්පසුව නඩත්තුව ආදිය ද අප විසින් සැපයීමට බලාපොරොත්තු වන ආධාර  මුදලට ඇතුළත් වෙයි. ඒ සියල්ලම නාවික හමුදාවෙන්ම ක්‍රියාත්මක කරනු ලබන අතර මෙය ස්ථාපිත කරන ගමේ රැකියා විරහිත පුද්ගලයින් සතර දෙනෙකුටද මෙම පිරිපහදුවේ සේවය කිරීම සඳහා ස්ථීර රැකියා මාර්ගද සපයා දීමට හැකිවීම මෙයින් සිදුවන අනෙක් මෙහෙයයි."

මෙම වැඩපිළිවෙල සඳහා ආධාර ලබාගැනීමේ අරමුණෙන් දෙසැම්බර් 17 වැනි දා ලන්ඩන් නුවරදී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ආරාධිතයින් සඳහා පමණක් විවෘත මේ සංගීත සන්ධ්‍යාව මුළුමනින්ම පවුලේ වැඩකි.

ගායකයින්, සංගීත ශිල්පින් සහ ශබ්ද පරිපාලයෙන් සහ අනෙකුත් වැඩ කටයුතු වලින් සහභාගි වන සියල්ලම එසේ කරන්නේ ස්වෙච්චාවෙනි. මෙනිසා එදින එකතුවන සියලුම මුදල් ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මාන වල ජීවත්වන අයට පිරිසිදු පානීය ජලය සැපයීමේ ව්‍යපෘතිය සඳහා යොදාගැනීමට හැකියාව ලැබී ඇත.

SUNILA-DIYA-DAHARAA-