(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
ලිඳුල, බෙයාවිල් ප්‍රදේශයේදී පාසල් බස් රථයක් සහ පාසල් ළමුන් රැගෙන යමින් තිබූ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අද(07) සිදු වූ අනතුරින් තුවාල ලැබූ සිසුවියන් තිදෙනෙකු සහ ත්‍රිරෝද රථ රියැදුරා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
බරපතල තුවාල ලබා සිටි ත්‍රිරෝද රථ රියදුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහල වෙත මාරු කර යැවූ බව ලිඳුල රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් සිසුවියෝය.
තලවාකැලේ සිට නුවරඑළිය දෙසට පාසල් ළමයින් රැගෙන ධාවනය කරමින් තිබූ ත්‍රිරෝද රථය, ලිඳුල සිට තලවාකැලේ නගරය දක්වා ගමන් කරමින් තිබූ පාසල් බස් රථයේ ගැටී අනතුර සිදුව තිබේ. පාසල් බස් රථය වාහනයක් ඉස්සර කරමින්, ඉදිරියට ධාවනය කිරීමේදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයේ ගැටී අනතුර සිදුව ඇත.
බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බව, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන ලිඳුල පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd