රොමේෂ් මධුෂංඛ
යාපනය නල්ලූර් නායර්මාකන්ඩු ප්‍රදේශයේ නිවසකට ඊයේ (11) රාත්‍රියේ කිසියම් නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි කිහිපයකින් පැමිණි කණ්ඩායමක් විසින් අදාළ නිවස වෙත පළමුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ නිවසේ නවතා තිබු වෑන් රථයක් වෙතටය.
එහිදී වෑන් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර නිවැසියන් වෑන් රථයේ ගින්න නිවීමට උත්සහ කර නැත්තේ පැමිණි පිරිස් විසින් වෑන් රථය ගිනි ගන්නා තුරු නිවසේ තිබූ යතුරුපැදිවලට හා බඩුබාහිරාදියට හානි සිදු කිරීම හේතුවෙනි.
එහිදී යතුරුපැදි තුනකට හා නිවසේ දොර ජනෙල්ද කැඩී ගොස් ඇති අතර නිවසේ සිටි කිසිවෙකුටත් හානි සිදු කර නොමැති බවටද යාපනය පොලීසිය කියයි.




2025 දෙසැම්බර් මස 18
36
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්