(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට වෛද්‍යවරුන් සහ හෙදියන් ලබාදෙන ලෙස බලකරමින් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු 5දෙනෙකු අද(19) රෝහල ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවී සිටිති.
මෙම සත්‍යග්‍රහයේ යෙදී සිටින්නේ, දමිළ ප්‍රගිතිශීලී සන්ධානය නියෝජනය කරන කඳුරට ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය යන වෘත්තීය සමිති නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් පස්දෙනෙකි. ඒ, පී.ආනන්දන්, පී. රාජ්. අශෝකන්, කේ. රවින්දරාජ්, එස්. සුබ්‍රමණියම් , කේ. රාජ්. කුමාර් යන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුය.
“නල්ලතන්නිය, මස්කෙළිය, සාමිමලේ යන ප්‍රදේශ ආවරණය වන පරිදි ස්ථාපනය කර ඇති මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට දිනපතා තේ වතු ගණනාවක වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙනවා. රෝහලේ දැනට දිස්ත්‍රික් වෛද්‍යවරයා සහ තවත් වෛද්‍යයවරියන් දෙදෙනෙකු සේවයේ රැඳී සිටියත් එම වෛද්‍යවරුන් නිවාඩු ලබා ගන්නා අවස්ථාවල රෝගීන් දැඩි අසීරුතාවයට පත් වනවා. හෙදියන් සහ කාර්ය මණ්ඩලයේ ද විශාල අඩුවක් තිබෙනවා” යැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කියා සිටියහ.
මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ පවතින අඩුපාඩුකම් සම්බන්ධයෙන් මීට ප්‍රථම අවස්ථා කිහිපයකදිම මධ්‍යම පළාත් සෞඛ්‍යය අධ්‍යක්ෂකවරයා සහ නුවරඑළිය දිස්ත්‍රික් භාර නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා දැනුවත් කළද එයට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද ඔවුහු කීහ.
මස්කෙලිය ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට සහ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් ඇති බවත්, ශ්‍රී පාද වන්දනා සමයේදී හදිසියේ රෝගාතුර වන වන්දනාකරුවන්ද ප්‍රතිකාර ලබාදීමට රැගෙන එන්නේ මෙම රෝහලට බවත්, ඔවුහු පැවසූහ.



2025 නොවැම්බර් මස 21
105
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
192
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1053
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මස්කෙළිය ප්‍රා. සභා මන්ත්‍රීවරු 5ක් සත්‍යග්‍රහයක