IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මත්කුඩු භාවිතයට අබ්බැහි වූවන් ප්‍රජා විශෝධනයට

(ජයන්ත සමරකෝන්)

මත්කුඩු භාවිතයට අබ්බැහි වූවන් වැඩියෙන් ප්‍රජා විශෝධනයට යොමු කිරීම සඳහා ප්‍රජා විශෝධන පනතට අවශ්‍ය සංශෝධන වහාම ගෙන එන බව අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (18) පැවසීය.

මත්ලෝලින් හා මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් එකට හිරගෙවල්වල ගාල් කිරීමේ නීති පද්ධතිය වෙනස්විය යුතු කාලය එළඹ ඇතැයිද අමාත්‍යවරයා කීය.

බන්ධනාගාරගත සිරකරුවන් අතරින් සියයට 45 ක් මත්ද්‍රව්‍ය වැරදිකරුවන් බවද හිරගෙවල්වල අධික තදබදයට මෙය ප්‍රධාන හේතුවක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇතැම්විට පොලිසිය සිය නිල බලය අයුතු ලෙස යොදා ගනිමින් මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන් ඇප නොමැතිව හිර ගෙදරට යවන බවද  මේ පිළිබඳව පැමිණිලි රාශියක්  ලැබී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

බන්ධනාගාර රැඳවියන් පුනරුත්තාපනය කර රැකියා නියුක්තිකයින් බිහිකිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ පැවැති සමාජ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.



අදහස් (0)

මත්කුඩු භාවිතයට අබ්බැහි වූවන් ප්‍රජා විශෝධනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 141 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site